දැඩි වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් ගිලා බැසීමේ අවධානමකට ලක්ව ඇති බියගම- කඩුවෙල පාලම නිරීක්ෂණය කිරීම සඳහා අද (23) වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක ඒ වෙත ගොස් ඇති අතර පාලමේ ප්‍රතිසංස්කරණ කඩිනම් කොට අවධානම අවම කරන්නට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඊට අවශ්‍ය සහය සම්බන්ධව දැනුවත් කරන ලෙසත් අමාත්‍යවරයා එහිදී නිලධාරීන් දැනුවත් කර ඇත.
මේ වන විටත් මෙම පාලම හරහා බරවාහන ධාවනය නවතා දමා ඇති අතර එක් මංතීරුවක් පමණක් සැහැල්ලු වාහන ධාවනය සඳහා විවෘත කර ඇත.
මෙසේ පාලම ගිලා බැස්මට ලක්ව ඇත්තේ ඊට යාබදව ඉදිවෙන නව පාලමේ අවශ්‍යතා සඳහා හාරා තිබෙන විශාල වලක් සහ ඊට වැසි ජලය පිරී අවට පස් ස්ථර ලිහිල්වීමය.
ජන ජීවිතයට බාධා : කඩිනම් සහන වෙනුවෙන් සියලු පියවර අරගෙන
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල ජීවිත 11ක් අහිමිව ඇති අතර දිවයින පුරා පුද්ගලයින් 105,352ක් අවතැන්ව පීඩාවට ලක්ව ඇත. එම ජනතාව සඳහා අවශ්‍ය කඩිනම් සහන මේ වන විටත් නිකුත් කෙරෙන අතර සහන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව ඇතුළු සහන සේවා කණ්ඩායම් යොදවා ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
එසේම ජනජීවිත නැවත නගා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන්කර ඇති අතර එල්ලවන ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා සුදානම් බවත් ජනතාව මුහුණදෙන පීඩා අවම කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති බවත් රජය සඳහන් කරයි.
{gallery}biyagama-kuduwela{/gallery}

