පාරිභෝගික අධිකාරියේ නීති විරෝධී විශේෂ වැටලීම් ඒකකයක්

පාරිභෝගික අධිකාරියේ නීති විරෝධී විශේෂ වැටලීම් ඒකකයක්

පාරිභෝගික අධිකාරියේ නීති විරෝධී විශේෂ වැටලීම් ඒකකයක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කරයි.

එහි දැක්වෙන පරිදි 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ සදහන් නොවන හා ඇමතිවරයාට හිතවත් නොවන ව්‍යාපාරිකයින් මර්ධන කිරීම සදහා වන  විශේෂ වැටලීම් ඒකකයක් පිහිටුවා ගනිමින්  පාරිභෝගික අධිකාරිය ව්‍යාපාරිකයන් දඩයම් කරමින් සිටින අතර  එම ඒකකයේ ප්‍රධානියා කවුද? යන්න පාරිභෝගික අධිකාරිය පවා පැහැදිලිව නොදන්නා බව පෙනී යයි.

ඒ අනුව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරන්නේ  එම විශේෂ වැටලීම් ඒකකය පිහිටුවා තිබෙන්නේ පාරිභෝගික අධිකාරියේ ජාතික සේවක සංගමයේ සභාපතිවරයා වන ලංකා දික්කුබුර නමැති විමර්ශන නිලධාරියා සතුටු කිරීමට බව තම සංගමය කළ සොයා බැලීමේදී තහවුරුවූ බවය. 

පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරියකුට විශ්ව විද්‍යාල උපාධියක් තිබීම මූලික සුදුසුකමක් වූවත් ලංකා දික්කුබුර නමැති නිලධාරියාට විශ්ව විද්‍යාලයක උපාධියක් නොමැති බවත්  2004 වසරේදී ඔහු දේශපාලන හිතවත් කමක් මත පාරිභෝගික අධිකාරියට බදවා ගෙන ඇති බවත්  වසර 14 ක් ගත වූවත් ඔහු විමර්ශන නිලධාරියකුට තිබිය යුතු මූලික සුදුසුකම වන විශ්ව විද්‍යාලයකින්  උපාධියක් ලබාගෙන නොමැති බවද එම නිවේදනයේ සඳහන්ව ඇත. 

වැඩිදුරටත් ලැබී ඇති වාර්තා අනුව අවස්ථා කිහිපයකදී ඔහු විසින් ජේෂ්ඨ විමර්ශන නිලධාරියකු ලෙස තමන් පත්කරන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා ඇතත් ඔහුට මූලික සුසුසුකම් නොමැති බව ඇමතිවරයා පවසා ඇත. එම පිළිතුරෙන් කුපිත වූ ඔහු තමන් ජාතික සේවක සංගමයේ සභාපතිවරයා බවත් ඇමතිවරයාට කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවත් පවසා ඇත. ඒ අනුව ඇමතිවරයා විසින් පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කර එහි ප්‍රධානියා බවට ඔහු පත්කර ඇත. ලංකා දික්කුබුර නැමති අය හිටපු මුදල් ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සේවය කල හා එක්සත් ජාතික පක්ෂයෙන් 2004 වසරේ බස්නාහිර පළාත් සභාවට තරග කල සම්පත් දික්කුබුරගේ සහෝදරයකි.

ඒ අනුව එම සංගමය රජයට අවධාරණය කර සිටින්නේ  වෘත්තීය සමිති නායකයින් සතුටු කිරීමට නීති වීරෝධී ඒකක පිහිටුවා ජනතාව පීඩාවට පත් නොකරන ලෙසත්  සාධාරණ වැටලීම් කර පරිභෝගිකයා ගසා කන වෙළෙන්දන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න