කිඹුලන් පාර්ලිමේන්තුවට !

කිඹුලන් පාර්ලිමේන්තුවට !

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිය වන්නාව ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් ඒ හමුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයට කිඹුලන් පැමිණීමේ අවධානමක් ඇති බව එහි ආරංචි මාර්ග වාර්තා කරයි.

එසේම පවතින තද වැසි ඉදිරි දිනවලත්  ඇතිවුවහොත් පාර්ලිමේන්තු පරිශ්‍රයත් ගංවතුරින් යටවීමේ අවදානමක් පවතින බවද  පාර්ලිමේන්තු නිලධාරීන් සඳහන් කර සිටියි.

කෙසේ වුවත්  පාර්ලිමේතු පොලිසිය සඳහන් කර සිටින්නේ  ඕනෑම  ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීමට සියලු දේ සුදානම් කර තිබෙන බවය. එසේම ඒ ගැන නිතර අවධානයෙන් සිටීමට නිලධාරීන් රාජකාරියේ යොදවා ඇති බවත් කිඹුල් උවදුරක් වුවද එහිදී නිරීක්ෂණය වන බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

දියවන්නා ඔයේ ජල මට්ටම ගැන නාවික අංශ නිලධාරීන්ද අවධානයෙන් සිටින බවත්  ඒ හේතුවෙන් මෙතෙක් එහි ඉදිරි කටයුතු සඳහා බාධාවක් නොමැති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත්  සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න