ආණ්ඩුවෙන් ගිය 16 කණ්ඩායමේ මහින්ද හමුව පුස්සක්

ආණ්ඩුවෙන් ගිය 16 කණ්ඩායමේ මහින්ද හමුව පුස්සක්

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමට ගිය ශ්‍රීලනිප 16 කණ්ඩායම ඊයේ (23) හිටපු ජනාධිපතිව මුණගැසී සිදුකළ සාකච්ජාවේදී කිසිඳු තීරණයක් නොමැති සුහද කතාබහක් පමණක් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කර සිටියි.

මේ වනතුරු එම කණ්ඩායමේ කිසිවෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කර ගැනීමට කිසිඳු එකඟතාවක් නොමැති බවත් ඔවුන්ව පක්ෂයට එකතුකර ගැනීම සම්බන්ධව පක්ෂයේ අභ්‍යන්තරයේ පවතින විරෝධයේ වෙනසක් නොමැති බවද එහි ප්‍රකාශකයකු සඳහන් කර සිටියේය.

වසර තුනක් අතිශය දුෂ්කර දේශපාලන පසුබිමක් යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගීමට උරදුන් දිස්ත්‍රික් නායකයන් ඇතුළු ශ්‍රීලනිප බහුතරයට පිටුපෑමට පක්ෂය තීරණය කර නොමැති බව සඳහන් කළ ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම කාරනා මත පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිට තම පාර්ශවයට සහය දීමට පක්ෂ නම් සහය දෙන ලෙසත් ඒ හැර දැනට තම පක්ෂයේ කිසිඳු තනතුරකට හෝ සංවිධානයකට ඒ කිසිවෙක් ඇතුල්කර නොගන්නා බවය.

මෙම කරුණු දැක්වීම හමුවේ ශ්‍රීලනිප 16 කණ්ඩායම රාපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව   ඉදිරියට ඒකාබද්ධ විපක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කර මේ ආණ්ඩුව පරාජයට පත්කිරීමට එකඟතාවක් ඇති කරගත් බවට අප කළ විමසුමට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයා සඳහන් කර සිටියේ මේ බව අවස්ථා  කිහිපයකදී ශ්‍රීලනිප කණ්ඩායම දැනුවත් කර ඇති බවත් එහෙයින් එකට විපක්ෂයක් ලෙස කටයුතු කරන්නට තීරණය කල බව හැර  මාධ්‍ය හමුවේ පැවසීමට ඔවුන්ට වෙනත් අලුත් දෙයක් නොමැති බවය.

එසේම ඉදිරියේ කුමන සන්ධානයක් ගොඩනැගුවත් ඒ සියල්ලන් මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ පොහොට්ටුව ලකුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස  පමණක් බවත්  එහෙයින් ඒ සඳහා තව කල් ඇති බවද ඔහු පැවසීය. මේ කාරණය පක්ෂ සභාපති ජී.එල්.පීරිස් අවස්ථා ගණනකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවත් එසේම තම පක්ෂය වටා එකතුවන කවුරු වුවද නායකත්ව කිහිපයක් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තනි දේශපාලන නායකත්වය පමණක් පිළිගන්නා අය වියයුතු බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න