ජාතික සත්ත්ව සංගණනය කෘෂිකර්ම අමාත්‍යාංශය ඉකුත් මාර්තු 15වනදා ක්‍රියාත්මක කළ අතර, එහි වාර්තාවේ තොරතුරු අද (12) ප්‍රකාශයට පත් කළේය.
මෙම වාර්තාවට අනුව දිවයින පුරා සිටින වඳුරන්, රිළවුන්, මොනරුන් සහ දඬුලේනන් සංඛ්‍යාව එක්කෝටි තිස් ලක්ෂයකට අධිකය.
මෙය බ්‍රිතාන්‍යයේ සත්ත්ව සංගණන සඳහා භාවිතකරන 'පොයින්ට් කවුන්ටින්' නමැති ක්‍රමවේදය බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ වන සත්ත්ව හානි අවම කිරීමට අදාළ කමිටුව ප්‍රකාශ කළේය.
සත්ව සංගණනයට අනුව වැඩිම රිලා ගහනය මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර, එය 634,668ක්.
එමෙන්ම 160,315ක් වන වැඩිම වඳුරු ගහණය අනුරාධපුරයෙන් වාර්තා වේ.
වැඩිම දඬුලේනන් හා මොනරුන් ගහනය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එය පිළිවෙලින් 546,715ක් හා 621,517ක් ලෙස ගණනය වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
