ආණ්ඩුව ‘පාස්කු ප්‍රහාර’ ගැන පොරොන්දු ඉටුකළේ නෑ - මැල්කම් රංජිත් කාදිනල් හිමි

ආණ්ඩුව ‘පාස්කු ප්‍රහාර’ ගැන පොරොන්දු ඉටුකළේ නෑ - මැල්කම් රංජිත් කාදිනල් හිමි

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර ‘පාස්කු ප්‍රහාර’ විමර්ශන පිළිබඳව දුන් පොරොන්දුව ඉටුවී නොමැති වීම සහ ඒ සඳහා මූලික වැඩපිළිවෙළක් හෝ ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකිරීමෙන් සසළ වී සිටින බව මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසුයේ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ 191 වැනි වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පෙරේදා (12) පස්වරුවේ පැවැති දේවමෙහෙයේදී ය.

ජනපති කොමිසමේ පළමු වෙළුමේ නිර්දේශ 200 ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ?

පසුගිය මැතිවරණ සමයේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වර්තමාන රජය දුන් පොරොන්දුව වන ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර’ පිළිබඳව වොහාරිකව පවත්වන විමර්ෂණවලට මගපෙන්වීමට සහ උදව්වීමට මෙන්ම ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු පත්වාගෙන යෑමට බලතල ඇති විශේෂ අභිශෝදවරයෙක් සහ කාර්යාලයක් ස්ථාපිත කිරීම මේ දක්වා ඉටුකර නොමැති බව කණාගාටුවෙන් වුවද ප්‍රකාශ කළයුතු බවත් උන්වහන්සේ කීහ.

ඇතැම් දේශපාලන නායකයන්ට බැළමෙහෙවර කිරීමට ඇති ආශාව මත හැසිරෙන මෙවැනි දෙපාර්තමේන්තු සහ රජයේ උසස් යැයි කියාගන්නා නිලධාරීන් හැසිරෙන ආකාරය හෙළාදකින බව ද අගරදගුරුතුමෝ පැවසුහ.

නීතිපති දෙපාර්තමේන්තුව ගැන ලැජ්ජයි...

එම මහා ව්‍යවසනය පිළිබඳව කළින් දැන සිටිය ද එය වැළැක්වීමට නිල බලයෙන් වගකීමක් තිබියදී කිසිවක් නොකළ හිටපු ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් සහ පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවල උසස් නිලධාරීන් ගැන ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් නිර්දේශ කර ඇති පරිදි නීතිපතිවරු සහ එම දෙපාර්තමේන්තුව මේ දක්වා කිසිඳු නීත්‍යානුකූල හෝ විනයානුකූල පියවරක් ගෙන නොමැති යැයි බළවත්ම කණගාටුවෙන් සඳහන් කරන බවත් තමන් ඇතුළු පිරිස පවරූ නඩු කීපයක් තුළින් වින්දිතයන්ට අදාල පුද්ගලයන්ගෙන් දඩ මුදල් අයකරගැනීමට හැකිවූවා මිස එතෙක් කල් නීතිපති දෙපාර්තමේන්තුව කිසිවක් නොකිරීම ලැජ්ජාසහගත බවත් අගරදගුරුතුමෝ කීහ.

ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ පළමු වෙළුවේ ඇති 200 කට වඩා නිර්දේශ කිසිවක් ක්‍රියාවට නැංවීමට කිසිඳු දේශපාලන නායකයෙක් හෝ පක්‍ෂයක් මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති අතර ඒ පිළිබඳව කිසි යාන්ත්‍රණයක් හෝ ආරම්භ කරනොමැතිවීම යතාර්ථය බවට පත්ව ඇති බවත් යුක්තිය පසදාලීම සඳහා නීතිපති දෙපරේතමේන්තුවට යෝජනා කර ඇති ක්‍රියාදාමයන් කිසිවක් මේ දක්වා ක්‍රියාවට නංවා නොමැති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

නැති වුණ ජීවිතවලට කරන අගෞරවයක්....

එම මහා ඛේදවාචකය පිළිබඳව ගොඩක් ප්‍රශ්න ඇති අතර එම ප්‍රහාර පිටුපස ක්‍රියාත්මක වූ කණ්ඩායම පිළිබඳව සොයාගැනීමට තවමත් නොහැකි වී ඇති බව කී මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමෝ, ආවට ගියාවට ඕනවට එපාවට ඒ වඩේ කරනවා නම් එය එම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ මිනිසුන්ගේ ජීවිතවලට කරන අගෞරවයක් බව ද සඳහන් කළහ.

කොච්චිකඩේ දේවස්ථානය පිළිබඳව කථා කරන විට මීට වසර 6 කට පෙර එල්ල වූ එම භායානක ප්‍රහාර පිළිබඳව අනිවාර්යෙන්ම කතා කිරීමට සිදුවන බවත් ඒ පිළිබඳව කොතරම් කථා කළ ද එම කතන්දර ඉවර නොවන බවක් පෙනෙන බවත් අගරදගුරුතුමෝ වැඩි දුරටත් පැවසූහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න