අස්වැසුමේ මුදල් වංචා කළ නිලධාරිනියක් රිමාන්ඩ්

අස්වැසුමේ මුදල් වංචා කළ නිලධාරිනියක් රිමාන්ඩ්

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබු පුද්ගලයින්ගේ මුදල් තම හිතවතුන්ගේ ඥාතීන්ගේ සහ මිතුරන්ගේ ගිණුම්වලට බැර කර ගත් නිලධාරිනියක ඇඹිලිපිටිය විශේෂ අපරාධ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

රුපියල් තිස්හත්ලක්ෂ අසූඑක්දහසක මුදලකුයි මෙලෙස අවභාවිත කර  ඇතැයි වාර්තා වෙයි.

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ අංශයේ කළමනාකරණ සේවා නිලධාරිනියක ලෙස සේවය කළ චමිලා කුමුදුකුමාරි නම් නිලධාරිනියකුයි මෙලෙස මුදල් අවභාවිත කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් කේ කේ ඉනෝකා නයෝමි ගේ නියෝගයකට අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කොළොන්න ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්කා වීරසිංහ  විසින් අදාළ දූෂණ චෝදනා එල්ල වු නිලධාරිනිය අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය විශේෂ අපරාධ විමර්ෂණ අංශයට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙලෙස කටයුතු කර ඇත.

පොලිසිය විසින් කරන ලද විමර්ෂණවලදි රුපියල් තිස්හත්ලක්ෂ අසූඑක්දහසක් වංචා කර ඇති බව අනාවරණය වී තිබේ.

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් ද විගණනයක් සිදුකර ඇති අතර මේ දක්වා එම විගණනයේ ප්‍රතිඵල ලැබී නැතැයි ද වාර්තා වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න