ඉරාන ජනපතිගෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

ඉරාන ජනපතිගෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

මධ්‍යම ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් ඉරානය නවතම මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

ඉරාන ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායලයේ පුද්ගලයින් තුන්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ.

එමෙන්ම ඉරාන ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායලයේ හයිෆා තෙල් පිරිපහදුව ආසන්නයේ දැවැන්ත ගින්නක් හට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයන් අත්හිටුවීමක් සිදු නොකළ හොත් ඉතා දරුණු ප්‍රතිචාරයන්ට ඊශ්‍රායලයට මුහුණදීමට සිදුවන බවට ඉරාන ජනාධිපතිවරයා අනතුරු අඟවයි.

කෙසේ වුව ද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඊශ්‍රායලය නිවේදනය කරයි.

ඊශ්‍රායලය ඊයේ එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ටෙහෙරානයේ ෂහ්රාන් ඛනිජ තෙල් ගබඩාවට හානි සිදුවූ බව ඉරාන ඛනිජ තෙල් අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න