පෞද්ගලික සරසවි උපාධිධාරීන්ගේ ගුණාත්මකභාවය ගැන සමාලෝචනයක් සිදු කරනවා – අගමැති

පෞද්ගලික සරසවි උපාධිධාරීන්ගේ ගුණාත්මකභාවය ගැන සමාලෝචනයක් සිදු කරනවා – අගමැති

පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා ගන්නා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේදී, ඔවුන්ගේ උපාධියේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය පවසයි.

ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමින් සමාලෝචන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.

අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) වන දින ගුරු-විදුහල්පති සමිති සන්ධානයේ නියෝජිතයන් සමඟ ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවක් අමතමිනි.

මෑතකාලින ලබා දුන් අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරු පත්වීම් නව රජය බලයට පත් වීමට පෙර අනුමත වූ පත්වීම් බවත්, එම පත්වීම් ලබා දී ඇත්තේ ගුරු සේවා ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව බවත් අගමැතිනිය සඳහන් කළාය.

එසේ වුව ද එලෙස ලබා දුන් පත්වීම් පිළිබඳව ද, රජයේ අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාලවල සහ අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනවේදි උපාධියේ ගුණාත්මකභාවයද නැවත සමාලෝචනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ මට්ටමින් කටයුතු ආරම්භ කර ඇති බව අගමැතිනිය පැවසුවාය.

මෙම සමාලෝචන ක්‍රියාවලියට අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගන්නා අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුණාත්මකභාවය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාමාර්ග ගන්නා බවයි ද ගුරු – විදුහල්පති නියෝජිතයන් හමුවේ අගමැතිනි සඳහන් පැවසීය.

එම සාකච්ඡාව සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් අමල් එදිරිසූරිය ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න