කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් තේරී පත් වූවා ය.

නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් වෙනුවට විවෘත ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලා සභිකයින් 60 දෙනෙකුගෙන් සමන්විත ලේඛනයක්ද සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබීය.

කෙසේවෙතත්, අද (ජූනි 16) කොළඹ මහ නගර සභාවේ පැවති රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් ලබා ගනමින් ව්‍රයි කැලී බල්තසාර් නගරාධිපති ධූරයට පත් විය.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඇයට එරෙහිව රහස් ඡන්දයට ඉදිරිපත් වූ රිසා මොහොමඩ් සාරුක්ට ලබා ගැනීමට හැකිවූයේ ඡන්ද 54ක් පමණි.

කොළඹ මහ නගර සභාවට තරග කළ කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලයක් හිමි කර ගැනීම නොහැකි වීම හේතුවෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වන සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් අද (ජූනි 16) පැවති මංගල සභා වාරයේදී ඉදිරිපත් වූ නාම යෝජනා අතරින් වැඩි ඡන්ද ගණනක් ලබා ගෙන කොළඹ මහ නගර සභාවේ පුරපතිනිය බවට පත් වීමට ඇයට හැකි විය.

ව්‍රායි කැලී බල්තසාර්: ඉතිහාසය වෙනස් කරමින් කොළඹ නගර සභාවට තේරී පත් වූ දෙවන පුරපතිනියයි.

1985 වසරේ අප්‍රේල් මස 10 වන දා උපන් ව්‍රායි කැලී බල්තසාර් කොල්ලුපිටිය මෙතෝදිස්ත විදුහලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබේ.

උසස් පෙළ අවසන් කිරීමෙන් අනතරුව ඇය විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් මෝස්තර නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධියක් ලබා ගෙන ඇත.

එමෙන් ම ඇය කාන්තාව සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ, පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරිනියක ද වේ.

ඇය තවදුරටත් එම විෂය යටතේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රාපති උපාධියක් ද හදාරමින් සිටී.

 

මෙතෙක් පැවති පුරපති සටන අවසන් කරමින් ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක් වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය යි.

නගරාධිපති ධූරය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තිඹිරිගස්යාය කොට්ථාසය ජය ගත් ව්‍රායි කැලී බල්තසාර්ගේ නම යෝජනා වූ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් රිසා සාරුක්ගේ යෝජනා විය.

මෙතෙක් වැඩි ම කාලයක් කොළඹ මහ නගර සභාවේ බලය හෙඹ වූ එක්සත් ජාතික පක්ෂයට එහි පාලන බලය ගිලිහී යාම ද මෙවර සිදුවූ තවත් සුවිශේෂි සිදුවීමකි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න