'ගෝඨාට අත නොතබනු' - ඒකාබද්ධයේ පිරිසක් සටනට

'ගෝඨාට අත නොතබනු' - ඒකාබද්ධයේ පිරිසක් සටනට
 
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල කරන චෝදනාවලට එරෙහිව කටයුතු කිරීමේ අරමුණින් සංවිධාන ගතවීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ කිහිප දෙනෙකු තීරණය කොට තිබේ.
 
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින එම මන්ත්‍රි එකමුතුව 'ගෝඨාට අත නොතබනු' යන තේමාව ඔස්සේ ඔහු වෙනුවෙන් පිළිතුරු දීමටත්, ජනතාව දැනුවත් කිරීමටත් කටයුතු යොදා තිබේ. 
 
පසුගිය අඟහරුවාදා (22දා) රැස්වූ ඒකාබද්ධ විපක්ෂය පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබේ.
 
කෙසේවුවද පොහොට්ටු පක්ෂයේ මෙහෙයුම්කරු වන බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් දක්වා නොමැත.
 
ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල කරන චෝදනාවලට මෙතෙක් පිළිතුරු දී ඇත්තේ 'වියත් මඟ' සංවිධානයේ විශ්‍රාමික හමුදා මේජර් වරයකු පමණි. ඒ, "මවුබිම වෙනුවෙන් රණවිරුවෝ" නමැති සංවිධානයක  විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාය.
 
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වනු ඇතැයි බියෙන් ඇතැමුන් ඔහුට එරෙහිව මඩ ගසන බව 
 ඊයේ (24දා) සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුව අමතමින් ඔහු පැවසිය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න