තාජුඩීන්ගේ ආත්මයට මේ ආණ්ඩුව කරන්නේ ලොකු අසාධාරණයක් – නාමල්

තාජුඩීන්ගේ ආත්මයට මේ ආණ්ඩුව කරන්නේ ලොකු අසාධාරණයක් – නාමල්

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව පවා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද (01) මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍ය බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, එසේ නොකළ හොත් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ තාජුඩීන්ගේ ආත්මයට ලොකු අසාධාරණයක් සිදු කිරීම බව පවසා සිටියේය.

වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය උපයෝගී කරගෙන තම දේශපාලන ස්ථාවරත්වය රැකගැනීමට උත්සාහ කිරීම වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදී පැවසිය.


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න