දේශපාලන පක්‍ෂයක් තුළ මන්ත්‍රිවරයකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේදී අධිකරණය හරහා ඊට වාරණ නියෝග පැනවීමේ බලය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉවත් කිරීමට යෝජනා කර ඇත.
ඒ බව සංශෝධනයේ සඳහන්ව ඇත්තේ යම් දේශපාලන පක්‍ෂයක ව්‍යවස්ථාවට අනුව එම පක්‍ෂයේ මන්ත්‍රිවරයකුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගත් විට ඊට එරෙහිව බාධා කිරීමක් හෝ තහනම් රීට් ආඥාවක් හෝ ඉන්ජන්ක්ෂන් තහනමක් හෝ වාරණ නියෝගයක් හෝ ප්‍රදානය කිරීමට කිසිදු අධිකරණයකට බලය නොතිබිය යුතුය යනුවෙනි.
ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රිවරයකුට තම අභිමත පරිදි පක්‍ෂ මාරු කිරීමට නොහැකි වන අතර එවැනි ක්‍රියාවක් සිදුකළහොත් අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධව පක්ෂ ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමේ බලය එම මන්ත්‍රීවරයා අයත් පක්ෂයට හිමිවේ.

