තම බිළිඳුන් හදා වඩා ගැනීමට දුන් දෙමාව්පියන් හෝ පවුලේ ඥාතීන් වෙනුවෙන් හමුවක් සුදානම් කර තිබේ.
මෙම හමුව ජුනි 03 ඉරිදා දහවල් 1.00ට කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ ඇති බුදු පිළිමය අසල පැවැත්වෙන බව The Sadness of Sri Lanka කෘතියේ රචිකාව වන සන ෆන් රොසන් කියා සිටි.
දරුවන් හදා වඩා ගැනීමට ලබාදීම සිදුවූ ආකාරය පිළිබඳ විස්තර එක්රැස් කිරීම හා එම තොරතුරු නෙදර්ලන්ත ආණ්ඩුවට ලබාදීම සඳහා ඔවුන්ගේ අවසරය සහ අත්සන් ලබා ගැනීම වෙනුවෙන් මෙම හමුව සංවිධානය කරන බවයි ඇය පෙන්වා දෙන්නේ.
ඒ හරහා හදා වඩා ගැනීමට දුන් දරුවන් හට තමන් වැදු දෙමාව්පියන් සොය ගැනීම වෙනුවෙන් නෙදර්ලන්ත රජය උපකාර ඇතිව DNA බැංකුවකට හෝ ඒ සඳහා අවශ්‍ය උපකරණ මිලට ගැනීමට අවශ්‍ය මුදල් සඳහා සහයෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි සන ෆන් රොසන් පවසන්නේ.
"අප සතුව දැනට ඇති බොහොමයක් ලියකියවිලි වැරදි සහගත ඒවා වේ. එම නිසා අපට අපේ නියම පවුල් සොයාගැනීමට නොහැකි වී තිබේ. අප සතුව තොරතුරු බොහොමයක් පවතීනම් නෙදර්ලන්ත ආණ්ඩුවේ සහය ලබාගැනීමේ වැඩි ඉඩකඩක් පවති" යි ඇය කියා සිටියේය.
ඒ සඳහා පැවැත්වෙන මෙම හමුවට තම දරුවන් හදා වඩා ගැනීමට දුන් දෙමාව්පියන් හෝ එම පවුල් වල ඥාතීන් සහභාගි වන ලෙසට The Sadness of Sri Lanka කෘතියේ රචිකාව වන සන ෆන් රොසන් ආරාධනා කර සිටී.
රොෂාන් චතුරංග

