18 අඩු ඉතුරුම් - ලේඛකයින්ගේ කර්තෘ භාග බදු ඉවතට : කැබිනට් පත්‍රිකාව අද

18 අඩු ඉතුරුම් - ලේඛකයින්ගේ කර්තෘ භාග බදු ඉවතට : කැබිනට් පත්‍රිකාව අද

වයස අවුරුදු 18 ට අඩු බැංකු ගිණුම් හිමියන්ගේ පොළිය මත පනවා තිබූ 5% රඳවා ගැනීමේ බද්ද සහ ලේඛකයින්ගේ කර්තෘ භාග මත පනවා තිබූ 14% බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීම සඳහා බදු පනත සංශෝධනය කිරීමේ කැබිනට් පත්‍රිකාවක් අද (30) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් මෙම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත් එතෙක් මීට අදාළ කිසිඳු බදු මුදලක් අය නොකිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන්  සඳහන් කර සිටියි.

එසේම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය  සඳහන් කරන ආකාරයට වයස 18 ට අඩු ඉතුරුම් ගිණුම් වල පොළිය මත සහ කර්තෘභාග මත බදු මුදල් අයකිරීම කාලයක පටන් සිදුවන්නක් වන අතර එය නව යෝජනාවක් නොවේ. වයස අවුරුදු 18 ට අඩු ගිණුම් හී පොලිය  රුපියල් 5000 ට වැඩිනම් 2.5%ක බද්දක් මීට පෙර රඳවා ගැනීමේ බද්දක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර එසේම කර්තෘභාගය රුපියල් 50000 ට වැඩි නම් 10% ක බද්දක් අයකර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න