සෝභිත හිමියන් ප්‍රාර්ථනා කරපු "සාධාරණ සමාජය" හැර අන් සියල්ල ලැබිලා !

සෝභිත හිමියන් ප්‍රාර්ථනා කරපු "සාධාරණ සමාජය" හැර අන් සියල්ල ලැබිලා !

සෝභිත හිමියන් ප්‍රාර්ථනා කරපු ‘සාධාරණ සමාජය හැර අන් සියල්ල දැන් ලංකාවේ ඉදි වෙමින් තිබෙනවා‘.  අද සෝභිත හිමියන් වෙනුවෙන් ගුණ සමරු උත්සව පවත්වනවා. පිළිම හදනවා. පාලම් නම් කරනවා. ඉන්දියානු ආධාර යටතේ නිවාස ව්‍යාපෘති ඉදි කරනවා. .බස් හෝල්ට් හදනවා. කොටින්ම කිව්වොත්, සෝභිත හිමියන් ප්‍රාර්ථනය කළ ‘සාධාරණ සාමජය‘ හැර අන් සියල්ල මේ ආණ්ඩුව කරමින් සිටිනවා යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි.

ඊයේ (30) රාජගිරියේ පැවති පුවත් පත් සාකච්ඡාවක දී කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා මේ අදහස් පලකළ අතර   සෝභිත හිමියන් ප්‍රාර්ථනා කරපු“සාධාරණ සාමජය“ බෝඩ් ලෑල්ලට මුවා වෙලා  බැදුම්කර හොරු , ගල් අඟුරු මාෆියාව, ඩීසල් විදුලි මාෆියාව,හොරණ රබර්, ෆොක්ස්වැගන් කාර්,කරුංකා පුවක්, කොකේන්, මත්කුඩු, වැලි ඇතුළු ජාවාරම්කරුවෝ   සමරු  උත්සව  පවත්වමින්  පිළිම හදමින් සිටින බවද ඔහු පැවසීය.  

සාධාරණ සමාජ ව්‍යාපාය හැදුවේ ‘සෝභිත හිමියන්ගේ පිලිරු හදන්න, ගෙවල් හදන්න, බස් හෝල්ට් හදන්න, සමරු උත්සව තියන්න නොවන බවත් ඒ සංවිධානය ගොඩ නැගුවේ  සාධාරණ සමාජයක් හැදීමට බවත් අවධාරණය කල ඔහු සාධාරණ සමාජයක් හැර අන් සියල්ලම අපට ලැබී තිබෙන බවද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා 

තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති, බැදුම්කර වාර්තාවේ පිටු 874 ක් හෝ එයට වැඩි සංඛ්‍යාවක් තිබෙනවා. ඒ අතර රහස් පොලීසිය බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව තුළින් මේ මුදල් ලැබු පුද්ගලයින් කවුද කියා හෙළි වෙනවා.  මේ වාර්තාව ප්‍ර‍සිද්ධ කරන්නේ නෑ.  ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත්, සිවිල් සමාජයත් එකම වල්ලේ කියලා බැදුම්කර මුදල් ගත්ත නම් ලැයිස්තුවෙන් හෙළිවෙයි!

මධ්‍ය පරිමානයෙන් බැදුම්කර මුදල් ලැබුණු දේශපාලනඥයින් 16 ක් ඉන්නවා.  මොවුන් විවිධ අවස්ථාවල පර්පචුවල් සමාගමට උපකාර කළ අය මිසක් මහ මොළකරුවන් නොවෙයි.  ජනමාධ්‍ය හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රාජපක්ෂ රජය ගැන හැමදේම කතාකළ, අද අද ගොළු බිහිරන් වී සිටින පිරිස යි.  බැදුම්කර වාර්තාව නිකුත් වී දැනට මාස 6 ක් ගතවී අවසන්. එක් මහ මොළකරුවෙක් සිංගප්පුරුවේ ඉන්නවා. අනිත් මහමොළකරුවෝ පාර්ලිමේන්තුවේත්, මහ බැංකුවෙන් පැන්ෂන් ගිහිල්ලත් ඉන්නවා. අගමැතිවරයා දෙවන කෝප් කමිටු විවාදයෙන් පස්සේ නිතිපතිට යවපු වාර්තාවට මොකක වුනේ?  ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට මොකද වුනේ?  ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට ගිය මොහොතේ දී, එක එක නම් එළියට දානවා.

බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදීමේ දී එයට අදාළ අතිරේක ලේඛන පිටු 5000 ක් පමණ පාර්ලිමේන්තුවට ලබා නොදුන් බව කැෆේ සංවිධානය සංවිධානය මුල්වරට 2018 ජනවාරි 20 දින අනාවරණය කරණ ලදී.  ජනවාරි 24 දින අප මේ ගැන ජනාධිපති ලේකම්ට, කථානායකතුමාට දැනුම් දුන්නා.  ඒ නිසා ඉතුරු ලේඛන පාර්ලිමේන්තුවට ලබා දුන්නට ඒමා මහජනතාවට විවෘත කළේ නෑ.  ජනවාරි 24 අප කියූ කථාව අද සත්‍ය වෙලා තියෙනවා.  ජනාධිපතිවරයා අපේ චෝදනාවට පිළිතුරු ලෙස 2018 ජනවාරි 23 කිවේ ‘එළියට දෙන්නට බැරි, නඩුවලට බලපාන, මේ කොමිෂන් සභා වාර්තාවට අයිති, ලේඛන කිහිපයක් තිබෙනවා.‘ කියාය.    බැදුම්කරේ දුරකතන සංවාද වලින් කොටසක්, මුදල් ලැබූ පිරිසෙන් කොටසක් අදටත් වසන් කරලා තියෙනවා!

සෘජුව චෙක්පත් මගින් ද, මුදල් චෙක්පත් මගින් ද, සමාගමට සම්බන්ධ පුද්ගලයින් විසින් බැංකුවෙන් චෙක්පත් මාරු කොට එම මුදල් බාර දුන් පුද්ගලයින් පිරිසක් ද මේ අතර වෙති.

මැලේසියාවේ ආණ්ඩු වෙනස් වෙලා දවස් පහකින් හොරු ඇල්ලුවා.  පාඩු කරපු අයගෙන් ඒ මුදල් අය කර ගන්නවා. දුෂිතයින් හිරේ දානවා.  දුමින්ද දිසානායක ඇමතිවරයා කියනවා මැලේසියාව වගේ කරන්න ඕනි කියලා.  එහෙම වුනොත්, රාජගිරියේ ‘සබීතා ගේ කොඩගැගිල්ලට සල්ලි ගෙවපු දුමින්ද ඇමතිතුමාගෙනුත්, ඒකකට කැබිනට් පත්‍රිකා දාපු අගමැතිතුමාගෙනුත් ඒ මුදල් අයකර ගත යුතුයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න