සමගි ජන බලවේගය ප්‍රතිපත්ති අනුව සහ සජබ නායකත්වයෙන් ජනතා ගැටලු වලට විසැදුම් ලබා දීම සඳහා එකට වැඩ කිරීමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
එම එකතුවේදී පක්ෂ වල අනන්‍යතාව රැක ගෙන කටයුතු කරන බව විපක්ෂ නායකවරයා කීය.
එකතු වීම අවස්ථාවාදී දේශපාලනය ඉලක්ක කර ගෙන නොව ප්‍රතිපත්ති ගරුකව රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විසැඳුම් සැපයීමේ අරමුණින් සිදුවිය යුතු යැයිද සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ මහනුවර අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි අනුනායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මැතිවරණය තියෙනවා නම් දිනය ප්‍රකාශ කරන ලෙස මෙහිදී සඳහන් කළ විපක්ෂ නායකවරයා මැතිවරණයක් වෙනුවෙන් සමගි ජන බලවේගය සූදානම් බව අවධාරණය කළේය.
''ඕනෑම ලිට්මස් පරික්ෂණයකට අපි සූදානම්. ඒ නිසා පළාත් සභා මැතිවරණය පවත්වන්න'' විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී ආණ්ඩුවට අභියෝග කළේය.