තොග මිල පහළ යාම නිසා නාඋල, දඹුල්ල, ගලේවෙල බතල අස්වනු අලෙවි කළ නොහැකිව ගොවි පවුල් තුන් දහසක් පමණ අන්ත අසරණ තත්ත්වයට මුහුණපා සිටිති.
දඹුල්ල තොග වෙළෙඳපොළේ බතල කිලෝවක තොග මිල රුපියල් 80 දක්වා පහළ ගොස් තිබෙන බව ගොවීහු පැවැසූහ.
දෛනිකව බතල කිලෝ තුන් දහසකට ආසන්න ප්‍රමාණයක් දඹුල්ල තොග වෙළෙඳපොළට සැපයෙන බවත් ඉල්ලුම සීඝ්‍රයෙන් පහළ යාමට හේතුව මිල කඩා වැටීම බවත් තොග වෙළෙන්දෝ පවසති.
නාඋල, අඹන, කොන්ගහවෙල, දඹගොල්ල , දඹුල්ල කණ්ඩලම, පහළඇරව්වල, ඇරව්වල, ගලේවෙල පහළවැව, දඹේයාය ඇතුළු ප්‍රදේශ ගණනාවක උස්සාන වාරි ජල සැපයුම් යටතේ බතල වගා කර තිබේ.
මේ දිනවල පවතින වැසි සමග බතල වගාව කුණු වීමේ අවදානමට පත්වී තිබෙන බවත් බතල කිලෝවක අවම ගැණුම් මිල රුපියල් 150ක් විය යුතු බවත් පෙන්වා දුන් ගොවීහු තම වගාවට පසු ගිය කන්නයේ සිට සාධාරණ මිලක් නොලැබුණු බවද පැවැසූහ.
(aruna)