රාජපක්ෂ පාලන සමයේ අධීක්ෂණ මන්ත්‍රිවරුන්ට ලබාදීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මෝටර් රථ 8ක් මිලදී ගෙන රජයට රුපියල් ලක්ෂ 200කට ආසන්න මුදලක් පාඩු කළේ යැයි කියන සිද්ධියට අදාළව මීලදී ගත් මෝටර් රථ 8න් මෝටර් රථ 5ක පහසුකම් වෙනස් කර වෙනත් ආයතනයක් ලවා අධි සුඛෝපභෝගී තත්ත්වයට පත් කොට මුදල් ගෙවා ඇති බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පසුගියදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇත.
ඊට අනුව මයික්‍රෝ කයිරොන් මාදිලියේ වාහන 5ක් එලෙස වෙනස් කර ඇති අතර එම වාහන 5 ෆුල් ඔප්ෂන් තත්ත්වයේ තිබියදීම අයිඩියල් මෝටර්ස් ආයතනයෙන් මිලදී ගෙන එම වාහන 5ම ස්පෙයාර් වීල් වෙනස් කර අලුතින් සවි කිරීම, මසාජ් සීට් සවි කිරීම,දොර අරින විට ලයිට් පත්තුවන පහසුකම් ඇති කිරීම වැනි අමතර උපාංග වෙනත් ආයතනයක් ලවා සවිකොට ඒ සඳහා එම ආයතනයට බිල්පත් මඟින් මුදල් ගෙවා ඇත.
බිල්පත්වලට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු ගණකාධිකාරිවරයකු වන දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සුනෙත් ලියනආරච්චි නමැත්තකුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට තිබෙන බවත් ඉන් පසුව ඉදිරි දිනයේදී ඒ සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීමට කටයුතු කරන බවද විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා ඇත.
සිද්ධියට සම්බන්ධ පළමු සැකකරුවන ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක ලේකම්වරයකු වන දේවනාරයනගේ සිසිර ගුණරත්න යන අය නියමිත පටිපාටියට අනුව වාහන මිලදී ගැනීම සිදු නොකර ඇති බවත් එම ඒකකය අධිකරණය හමුවේ සඳහන් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට ප්‍රගතිය වාර්තා කරන ලෙස ඒ අනුව අධිකරණය නියෝග කර ඇත.
මෙම නඩුව අගෝස්තු 29දා යළි කැඳවීමට නියමිතය.

