සජිත්, ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය පාලනය කරන්න ඉන්දීය ආණ්ඩුවෙන් සහාය ඉල්ලයි!

සජිත්, ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය පාලනය කරන්න ඉන්දීය ආණ්ඩුවෙන් සහාය ඉල්ලයි!

මෙරට රෝහල් පද්ධතියේ පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට විසඳුම් සෙවීම සඳහා ඉන්දීය රජයේ සහය ලබාදෙන ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා හමුවී ඉල්ලීමක් කළේ ය.

ඒ විපක්ෂ නායකවරයා ගේ ඉන්දීය නිල සංචාරයේ තවත් පියවරක් ලෙසිනි.

ඉන්දීය රජයට විපක්ෂ නායකවරයා ගේ ස්තුතිය

ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධතිය හරහා දශක ගණනක් පුරා නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාදීම සිදු වුව ද, වර්තමානයේ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ වර්ග බොහෝමයක පවතින හිඟය, ඉන් සේවය ලබන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට දැඩි බලපෑමක් එල්ල කර ඇති විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

ඇතැම් ඖෂධ පෞද්ගලික අංශය හරහා පමණක් ලබාගත හැකි වාතාවරණයක් උදාවී ඇති බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, රජයේ රෝහල් මුහුණ දෙන එම අභියෝගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට උපරිම සහය ලබාදෙන ලෙසත්, ඉන්දියාව ලබාදෙන එම සහයෝගය ගෞරවයෙන් පිළිගන්නා බවත් කියා සිටියා. එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂ්ත්‍රයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඉන්දීය රජය පසුගිය සමයේ දැක්වූ දායකත්වය පිළිබඳව විපක්ෂ නායකවරයා සිය ස්තූතිය පළ කර සිටියා.

අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම සහතික කිරීම ඒකාබද්ධව

2016 වසරේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ මූලිකත්වයෙන් දියත් කළ ‘1990 - සුව සැරිය’ ගිලන් රථ සේවාව පිළිබඳ සිහිපත් කළ විපක්ෂ නායකවරයා එම සේවාව හඳුන්වාදීම හරහා දිවයින පුරා හදිසි වෛද්‍ය ප්‍රතිචාර ක්‍රමවේදය ශක්තිමත් වූ බවත්, එය “ජීවිතාරක්ෂක හවුල්කාරිත්වයක්” ලෙස හඳුන්වා දිය හැකි බවත් කියා සිටියා.

මහජන සෞඛ්‍යය වැඩි දියුණු කිරීම, ඖෂධ සහයෝගීතාව පුළුල් කිරීම සහ හිඟයකින් තොරව සැමට අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම සහතික කිරීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂ නායකවරයා සහ ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා අතර මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු වුණා.

ඉන්දියාවේ ආණ්ඩු කරන BJP පක්ෂයේ ජාතික සභාපති හා සෞඛ්‍ය ඇමැති නඩ්ඩා සජිත් හමුවෙන්න එයි..

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න