සමන් ශ්‍රී රත්නායක මැතිවරණ කොමසාරිස් ජනරාල් ධුරයෙන් විශ්‍රාම යයි

සමන් ශ්‍රී රත්නායක මැතිවරණ කොමසාරිස් ජනරාල් ධුරයෙන් විශ්‍රාම යයි

ලබන 13 වැනිදා සිට තමන් විශ්‍රාම යාමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

ඔහු මේ බව අනාවරණය කළේ පැෆරල් සංවිධානය විසින් පොළොන්නරුව රුවින්ස් චායා හෝටලයේදී ඔහුගේ සේවය ඇගයීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකදීය.

විශ්‍රාම යාමෙන් පසු තමන් පෞද්ගලික අංශයේ රැකියාවකට යොමුවන බවද ඔහු පවසයි.

සිය සේවා කාලය තුළ දේශපාලනඥයන් සමග පැවැත්වූයේ අවම ගනුදෙනුවක් බවද ඔහු පවසයි.

ඔහුට මරණ තර්ජන පවා එල්ලවී ඇතැයිද ඔහු සඳහන් කරයි.

මෙම ඇගයීමේ උත්සවය සඳහා පොළොන්නරුව, මඩකළපුව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම, පැෆරල් සංවිධානයේ ජාතික සංවිධායක සුජීව ගයානාත් ඇතුළු එම සංවිධානයේ සාමාජික පිරිසක්ද සහභාගී වී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න