*පශු සම්පත් කර්මාන්තයේ නියැලී සිටින්නන්ට ප්‍රමිතියෙන් සහ ගුණාත්මක බවින් ඉහළ බඩ ඉරිඟු ලබා ගැනීමට අවස්ථාවක්...!!!!
*පිට රටින් බඩ ඉරිඟු ගෙන්වීමෙන් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය රුපියල් මිලියන 600කට වඩා වැඩි ඉහළ ආදායමක්.!!!!!
*ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිනී ආචාර්ය සුජාතා වීරසිංහ කියයි.
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිනි ආචාර්ය සුජාතා වීරසිංහ
අද වන විට සමාජයේ විවිධ ක්ෂේත්‍රවල ක්‍රමික පරිවර්තනයක් සිදු වෙමින් පවතී. ඒ අතුරින් කෘෂිකාර්මික ක්ෂේත්‍ර විෂයෙහි තම කාර්යභාරය ආශ්‍රිතව සිදුවන්නා වූ පරිවර්තනය ගැන ආචාර්ය සුජාතා වීරසිංහ මුළු සමාජයටම මෙතෙක් නොකී කතාවක් කියන්නීය.
ඇය පවසන්නේ කෘෂි භෝගයක් වන බඩඉරිගු ගැනය. එය හුදු එක් භෝගයක් විෂයෙහි කරන සංවාදයකට වඩා අප දකින්නේ අදූෂිත සහ විධිමත් සරල ක්‍රියාවලියක නිශ්චිත ප්‍රතිඵලය සමාජ ආර්ථික දේහය පෝෂණය කරන ආකාරය ය.
මේ වසරේත් පිටරටින් බඩ ඉරිගු ගෙන්වීමට නිශ්චිත කෝටාවක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය වෙත ලැබිණි. එම මුදල මණ්ඩලය විසින් විධිමත් සහ ක්‍රමානුකූලව නිසි ක්‍රමවේදයක් තුළ කළමනාකරණය කළේය. ප්‍රතිඵලය ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය රුපියල් මිලියන 600කට වඩා වැඩි ආදායමක් උපදවා ගැනීමය.
විනිවිද පෙනෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය
බඩඉරිගු ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ කෘෂිකාර්මික සත්ත්ව පාලනයේ දී සත්ත්ව ආහාරයක් ලෙසය. මෙරට වාර්ෂික බඩ ඉරිඟු අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ හයකි. ඉන් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් මෙරට නිපදවේ.
ඉතිරි මෙට්‍රික් ටොන් ලක්ෂ තුන ඉන්දියාව, පාකිස්තානය ඇතුලු තවත් රටවල් කිහිපයකින් මෙරටට ආනයනය කිරීම පවතින ක්‍රමවේදයයි.
සත්ත්ව ආහාර වෙනුවෙන් බඩඉරිගු ආනයනයට කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කෝටා ලබා දීමක් සිදු කරයි. මේ වසර ඇතුළත බඩඉරිගු මෙට්ට්‍රික් ටොන් 33000ක් ගෙන්වීමට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට කෝටාවක් ලැබිණි.
මණ්ඩලය විසින් කළේ පුද්ගලික අංශයේ ආනයන කරුවන්ගෙන් සම්බන්ධ කරගෙන නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීමය. නිශ්චිත ටෙන්ඩර් පටිපාටියක් හරහා විනිවිද භාවයෙන් යුතුව ඒ සඳහා සැපයුම් කරුවන් තෝරා ගැනීමය.
එම සැපයුම්කරුවන් මේ වන විට මෙරටට බඩ ඉරිඟු මෙට්ට්‍රික් ටොන් 24000ක් ආනයනය කර ඇත. තවත් බඩ ඉරිඟු මෙට්ට්‍රික් ටොන් 2000ක සැපයුම් මේ වනවිට ලැබෙමින් තිබේ. ඉතිරි බඩ ඉරිඟු මෙට්ට්‍රික් ටොන් 7000ක ප්‍රමාණය ලබන දෙසැම්බර් 15 වෙනිදාට පෙර මෙරටට ගෙන්වීමට කටයුතු යොදා ඇත.
කැපී පෙනෙන මිල අඩු වීම
විදේශවලින් ආනයනය කරන බඩ ඉරිඟු කිලෝවක් සඳහා පසුගිය වසරේදී රුපියල් 136ක පිරිවැයක් ගණනය විය. එහෙත් මේ වසරේදී සැපයුම් කරුවන්ගෙන් බඩඉරිගු කිලෝවක් ලබා ගන්නේ රුපියල් 121ක මිලකටය. එය කිලෝවකින් රුපියල් 15ක කැපී පෙනෙන අඩුවකි.
රුපියල් 121ක ආනයනික බඩඉරිගු කිලෝවකට මිල නියම වන්නේ කිලෝවකින් රුපියල් හතරක පරිපාලනමය ගාස්තුවක් ද ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් අය කරගැනීමෙන් අනතුරුවය. මේ ක්‍රියාවලිය තුළ වසරේ මේ වන විට රුපියල් මිලියන 600ක ආදායමක් ලබා ගැනීමට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට හැකිවී ඇත.
වසර 2019 මෙම මණ්ඩලය මණ්ඩලයේ උපරිම ලාභ ලැබූ වසර විය. වසර හතලිහකට වැඩි ඉතිහාසයක් ඇති මෙම ආයතනය වසර 2019 දී රුපියල් මිලියන හැත්තෑවක ලාභයක් ලැබීය.
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වැඩිම උපයාගත් ලාභය එයයි.
අතීත දත්ත සමග සැසඳීමේ දී රජයේ වසරක පාලනය කාලය තුළ සියලු අංශවලින් අත් කරගෙන ඇති ප්‍රගතිය සාධාරණව තක්සේරු කිරීමේ දී මෙම අංශයේ සිදුව ඇති ප්‍රගතියෙන් එම ක්‍රියාවලිය තේරුම් ගත හැකිය. වඩාත් විනිවිද භාවයකින් යුතුව දියත්වන වත්මන් රජයේ වැඩපිළිවෙළ යටතේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ප්‍රබල ආර්ථික ස්ථාවරත්වයක් ළඟාවූවා පමණක් නොව, ඉහළ ප්‍රතිලාභ අවසානයේ ගොවි ජනතාවට ලැබෙන ආකාරය පෙනෙනමින් ඇත.
ප්‍රතිලාභ යළි සමාජයට
මෙම ආනයන ක්‍රියාවලිය හරහා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ලැබූ ලාභය සහ වාර්තාගත ආදායමේ උත්තේජනයේන් රාජ්‍ය භාරය සහිත නව සත්ත්ව ආහාර නිෂ්පාදන කර්මාන්තයක් බිහි කිරීමට පදනම සකස් කර තිබේ.
ලබන වසරේදී ජාතික පශු සම්පත් මණ්ඩලය (NLDB) සහ මිල්කෝ ආයතනය (MILCO) එක්ව සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ආයතනයක් අනුරාධපුරයේදී ආරම්භ කිරිමට සැලසුම් කර ඇත. එම ප්‍රවේශය බහු ජාතික සමාගම්වල ඒකාධිකාරී බලය පාලනය කිරමින් වෙළෙඳපල සාධාරණව හැසිරවිය හැකි රාජ්‍ය යාන්ත්‍රණයක් නිර්මාණය කරනු ඇත.
තත්ත්වයෙන් සහ ප්‍රමිතියෙන් ඉහළ සත්ත්ව ආහාර නිෂ්පාදන සාධාරණ මිලකට මෙරට පශු සම්පත් අංශයේ නියැලී සිටින ගොවි ජනතාවට ලබාදීමට හැකිනම් ඔවුන්ගේ නිෂ්පාදන වල ගුණාත්මක භාවය ඉහළ නංවා ගත හැකිය.
එමෙන්ම නිශ්පාදන පිරිවැය අඩු කරගත හැකිය. එහි අවසාන ප්‍රතිලාභය මේ රටේ ජනතාවට ය.
සත්ත්ව ආහාර පිටරටින් ගෙන්වීමට වාර්ෂිකව වැය කිරීමට සිදුවන මුදල රුපියල් මිලියන 30,000කි. කෝටිවලින් ගණනය කළහොත් කෝටි 3000 කි. එය එක්සත් ජනපද ඩොලර් මිලියන 100කට වැඩිය. ඉදිරි වසර 04 තුළ එම මුදලින් සැලකිය යුතු ප්‍රතිශතයක් රට තුළ ඉතිරිකර ගැනීම මෙම කර්මාන්තයේ අනෙක් ප්‍රධාන අපේක්ෂාව ය.
ශ්‍රී ලංකාව බඩ ඉරිඟු වලින් ස්වයංපෝෂිත කිරීම සඳහා තවත් කළ යුතු විශාල කාර්ය භාරයක් තිබේ. එය වෙනම කෘෂි කාර්මික සැළසුමකි. ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අනුව කන්තලේ සීනි සමාගමට අයත් අක්කර 7000ක බිමික් වසර පහක කල් බදු ක්‍රමයට ලබා ගනිමින් මේ වනවිට සාර්ථකව බඩ ඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
එලෙස නිපදවෙන බඩ ඉරිඟු සහතික මිලක් යටතේ රජය විසින් ගොවි ජනතාවගෙන් මිලදී ගැනීමට සැළසුම් කොට ඇත. මේ තත්ත්වය තුළ ගොවීන්ට සිය අස්වැන්න සඳහා සහතිකයක් ලැබී තිබේ.
අස්වැන්න නෙලා ගත් පසු ඊට සාධාරණ මිලක් ලැබෙනු ඇතිදැයි ගොවීන් තුළ ඇති වී තිබුණු දෙගිඩියාව තවදුරටත් නොමැති පසුබිමක් තුළ වැඩි වශයෙන් බඩඉරිගු වගාවට ඔවුන් ආකර්ශනය වීමේ ප්‍රවේශයක් නිර්මාණය වී තිබේ.
අනිසි දේශපාලන බලපෑම් නෑ...
සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙරටට ගෙන්වන බඩ ඉරිඟු වෙළෙඳපලට නිකුත් කරන්නේ එහි ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය පරික්ෂණාගාර වලදී පරික්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවය. ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අනුව මේ වනවිට රට තුළට ගෙන එන්නේ ඉතා ගුණාත්මක සහ ප්‍රමිතියෙන් උසස් බඩ ඉරිඟු ය. කිසිම අවස්ථාවක නිශ්චිත ක්‍රමවේදය විතැන් වන්නේ නැත.
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මේ වන විට කිසිදු අනිසි දේශපාලන බලපෑමකින් තොරව මහජනතාවට මිත්‍රශීලී ආකාරයට තම කාර්ය ඉටු කරන ආයතනයක් බවට පත්වී ඇත. ඒ සඳහා විෂය භාර අමාත්‍ය ලාල් කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, අමාතංශ ලේකම්වරයා ප්‍රමුඛ සියලු දෙනාගෙනුත් ලැබෙන සහය අගය කළ යුතුය .
පිටරටින් බඩ ඉරිඟු මෙරටට ආනයනය කරනු ලබන්නේ දේශීය ගොවියා ද ආරක්ෂා කරගනිමිනි. මෙරටට ගොවීන්ගේ බඩ ඉරිඟු අස්වනු සඳහා ද මේ වනවිට අවම මිලක් නියම කර තිබේ.බඩ ඉරිඟු කිලෝවක අවම මිල රුපියල් 140කි. මෙය ගොවීන් වෙත ලැබෙන සාධාරණ මිලකි. මේ තත්ත්වය බඩඉරිඟු ගොවීන්ට යහපත් ආර්ථිකයකට අවස්ථාව සලසා ඇත.
බඩඉරිගු ගොවීන් ශක්තිමත් ආර්ථිකයක් සහිත පිරිසක් බවට පත් කර ගන්නා අතරම බඩඉරිඟු මූලික අමුද්‍රව්‍ය කරගත් සත්ත්ව ආහාර නිෂ්පාදකයින්ට කිසිදු ප්‍රමාදයකින් හෝ බාධාවකින් තොරව ඒවා මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන තුළනාත්මක වූ සාධනීය වැඩපිළිවෙළක් මේ වනවිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය රටට හඳුන්වා දී තිබේ.
එම තත්ත්වය බඩ ඉරිඟු වගා කරන ගොවියාටත්, බඩඉරිගු මිලදි ගන්නා සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ටත් ස්ථාවර ආර්ථික දොරටුවක් විවර කර දී තිබේ.
නව රජය යටතේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ සිදුව තිබෙන මෙය අප්‍රකට ජයග්‍රහණයකි. සමාජය තුළ සාරවත් ආර්ථික භූමියක් නිර්මාණය වන්නේ මෙවැනි විවිධ අංශවල සමෝධානයෙනි. ඒ සුබ ලකුණු මේවන විට පෙනෙමින් ඇත.
(සටහන - ජේ. මුණසිංහ)


