මෙන්ඩිස් සමාගමෙන් මැතිවරණ කටයුතු සඳහා මුදල් ගැනීමේ සිද්ධිය හේතුකරගෙන මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමටත් එහිදී ලබාගත් මුදල් සමාජ සේවා කටයුත්තකට යෙදවීමත් තමා එකඟවන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සඳහන් කර ඇත.
අගමැතිතුමා, කතානායකතුමා, මහානායක හිමියන් හෝ එවැනි ඉල්ලීමක් කළ යුතු අතර එම ඉල්ලීම කළ හොත් තමා තීරණය ගැනීමට පසුබට නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.
කටයුතු සඳහා මුදල් ගැනීම නීතිවිරෝධි නොවන අතර තමාට මුදල් ලැබෙන විට මෙන්ඩිස් සමාගම නීත්‍යානුකූල සමාගමක් වන අතර ඊට එරෙහි කිසිදු පරීක්ෂණයක් නොතිබුණු බවද ඔහු සඳහන් කර ඇත.