නොබෙල් සාම ත්‍යාගය තමාට ලැබුණු දා සිට තමා අමෙරිකානු ජනපති ඩෙනල්ඩ් ට්‍රම්ප් සමඟ කතා නොකළ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරීනා මචාඩෝ පවසයි.
ෆොක්ස් නිව්ස් නාලිකාවේ ‘Hannity’ වැඩසටහනට එක්වෙමින් ඇය සඳහන් කළේ, තමාට නොබෙල් සාම ත්‍යාගය හිමි වූ බව නිවේදනය කළ ඔක්තෝබර් 10 වන දින ජනාධිපති ට්‍රම්ප් සමඟ කතා කළ නමුත් එතැන් සිට ඔහු සමඟ සම්බන්ධ නොවූ බවයි.
නෝර්වීජියානු නොබෙල් කමිටුව විසින් ආඥාදායකත්වයට එරෙහිව ඇය කළ අරගලය අගයමින් මෙම ගෞරවනීය සම්මානය ඇයට පිරිනැමිය.
නොබෙල් සාම ත්‍යාගය ලබාගැනීම වෙනුවෙන් ඇය නෝර්වේ බලා පිටත් වුවද එම ත්‍යාගය ලබාගත්තේ ඇයගේ ඥාතියකු විසිනි. ඇය ඒමට ප්‍රමාද වූ නිසා බවට ඇය පවසා තිබිණ.
කෙසේවෙතත් මෙම සංචාරය අවසන් කර ඇය මෙතෙක් වෙනිසියුලාවට පැමිණ නොමැත.
.
ධුරයෙන් පහ කරන ලද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝගේ ප්‍රබලතම විරුද්ධවාදියා ලෙස පුළුල් ලෙස පිළිගැනෙන්නේ මචාඩෝයි.
සිය රටට නැවත පැමිණීමේ සැලසුම් පිළිබඳව විමසූ විට ඇය පැවසුවේ, "මම හැකි ඉක්මනින් නැවත මගේ රටට යාමට සැලසුම් කරනවා" යනුවෙනි..
පසුගිය සෙනසුරාදා ඇමරිකාව එල්ල කළ ප්‍රහාරවලින් සහ එරට ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු මචාඩෝ ලබා දුන් පළමු සම්මුඛ සාකච්ඡාව මෙයයි.
ඇමරිකානු මැදිහත්වීම "මනුෂ්‍යත්වය, නිදහස සහ මානව ගෞරවය වෙනුවෙන් තැබූ දැවැන්ත පියවරක්" ලෙස ඇය ඉතා ඉහළින් අගය කළාය.
මේ අතර, වෙනිසියුලාවේ උප ජනාධිපති සහ තෙල් අමාත්‍ය ඩෙල්සි රොඩ්රිගස් අන්තර්කාලීන ජනාධිපති ලෙස දිවුරුම් දී පැය කිහිපයකට පසුව රටේ අනාගත නායකත්වය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ අවිනිශ්චිතතාවයක් සහ කුතුහලයක් මතු වී ඇත.
කෙසේ වෙතත්, පසුගිය සෙනසුරාදා ජනාධිපති ට්‍රම්ප් මචාඩෝ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අදහස බැහැර කළේ "ඇයට රට තුළ ප්‍රමාණවත් සහයෝගයක් හෝ ගෞරවයක් නොමැති" බව ද පවසමිනි.
මුලාශ්‍රය
Venezuela’s Machado says she hasn’t spoken to Trump since October

