මස්තාන්ව මාරු කරන්න ගැසට් එකක් එයි !

මස්තාන්ව මාරු කරන්න ගැසට් එකක් එයි !

නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ  දිවුරුම් දුන් කාදර් මස්ථාන්ට හින්දු ආගමික කටයුතු විෂය නොමැතිව විෂය පථයන් ගැසට් කර ඇති බව අමාත්‍ය ඩි.එම්.ස්වාමිනාදන් සඳහන් කරයි.

අදාළ ගැටළුව පිළිබඳ තමන්  දුරකථනයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ජා කළ බවත්,එසේම  ජනාධිපතිවරයාද  ඒ පිළිබද තමන් දැනුම්වත් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

මුස්ලීම් මන්ත්‍රීවරයෙකු හට හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධව දමිල දේශපාලන පාර්ශවයන් වෙතින් එල්ලවූ විරෝධතා පදනම් කරගෙන මෙම සංශෝධනය සිදුකර ඇති අතර  කාදර් මස්තාන් අද (14) ජනාධිපතිවරයා හමුවීමට ද නියමිතව තිබුනත් එම හමුවද  සිදුව නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න