බැසිල්ගේ think tank රත් වෙයි : "මල්ලිව වහාම පස්සට ගන්න" උපදෙස්

බැසිල්ගේ think tank රත් වෙයි : "මල්ලිව වහාම පස්සට ගන්න" උපදෙස්

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සම්බන්ධව මතුව තිබෙන විවේචනය තම දේශපාලන අනාගතයට අහිතකර බවත් එහෙයින් ඔහුව ප්‍රසිද්ධ වේදිකාවෙන් උපක්‍රමශීලී ලෙස පසුපසට ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සම්බන්ධව මතුව තිබෙන විවේචනය තම දේශපාලන අනාගතයට අහිතකර බවත් එහෙයින් ඔහුව ප්‍රසිද්ධ වේදිකාවෙන් උපක්‍රමශීලී ලෙස පසුපසට ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

ගෝඨාභයගේ දේශපාලන කටයුතු වලදී  ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධව කිසිඳු ස්ථාවරයක් ප්‍රකාශ නොවීමත් ඔහු සමඟ සිටින විශ්‍රාමික හමුදා ජනරාල්වරුන්ගේ "අනාගත දේශප්‍රේමී පාලනයක් විරුද්ධවාදීන් යටතේ එල්ලා මරණ" බවට සිදුකරන ප්‍රකාශ සම්බන්ධව ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් පවා විවේචනාත්මකව සංවාදයක් ආරම්භ වී තිබීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්  ලබාදී ඇති උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.

එහිදී පොදුජන පෙරමුණේ උපදේශක ආචාර්යවරුන් පෙන්වාදී ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව පොදුජන පෙරමුණේ දේශපාලන පණිවිඩය නිවැරදිව ජනතාවට නොයන බවත් ඒ වෙනුවට ගෝඨාභය පාලනයක් යටතේ අනාගත ලංකාවට කුමක්වේද වැනි මාතෘකාවක් වෙත දේශපාලන සංවාදය යොමුව තිබෙන බවත්ය.

පොහොට්ටුවේ නායකයින් දෙදෙනෙක් !

එසේම ඒ හමුවේ මහින්ද රාජපක්ෂ වෙනුවට ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය කේන්ද්‍ර දෙකක් බවට පත්ව ගෝඨාභය රාජපක්ෂ වටා නව කේන්ද්‍රයක් බිහිවී ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.

තවද ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙතෙක් කලක් පාලනය කිරීමේ හැකියාව පොදුජන පෙරමුණ සතුව තිබු නමුත් මේ වන විට එය ගිළිහෙමින් ඇති බවත් කුඩා පක්ෂ තම පාර්ශවයේ මතය ලෙස විවිධ ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කරමින් සිටින බවද ඔවුන් පෙන්වාදී ඇති බවද වාර්තා වෙයි.

බැසිල් - මහින්ද : ගෝඨාභයව පස්සට ගන්න බරටම වැඩ !

දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරන ආකාරයට පසුගියදා හිටපු මන්ත්‍රී  බැසිල් රාජපක්ෂ විසින් රාජපක්ෂ පාලන සමයේ පැවති විරෝධතා මර්දනය කිරීම සඳහා  ගෝඨාභයගේ මුලිකත්වයෙන් දියත්වූ රතුපස්වල ඝාතනය, හලාවත ධීවර ඝාතනය, කටුනායක වෙළඳ කලාපයේ රොෂේන් චානක ඝාතනය වැනි සිදුවීම් සිහිපත් කර නැවත එවැන්නක් සිදුවීමට ඉඩ නොදෙන බව සඳහන් කර ඇත්තේ මෙම පොදුජන පෙරමුණේ උපදේශකවරුන්ගේ දැනුම්දීම අනුවය.

එසේම පසුගියදා හිටපු මන්ත්‍රී  කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ පැවති  ඉෆ්තාර් උත්සවයකදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිංහල මුස්ලීම් ජනතාව අතර හිත රිදීම් වර්ධනය කල මහනුවර , බේරුවල වැනි සිදුවීම් නැවත සිදුවීමට ඉඩ නොතබන බවට ප්‍රකාශ කර ඇත්තේද එම උපදෙස් අනුව යමින් බවද වාර්තා වෙයි.  

එසේම එහිදී හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂයේ එක්වීමක් පිළිබඳ මෙතෙක් කිසිදු සාකච්ඡාවක්කර නැති බවත් එවැනි යෝජනාවක් මෙතෙක් එම පාර්ශ්වයෙන් ලැබී නැතැයි ද සඳහන් කර ඇත්තේ පොදුජන පෙරමුණ තුළ සහ ඒකාබද්ධ විපක්ෂය තුළ ගෝඨාභය පාර්ශවය විසින්  ශ්‍රීලනිප හවුලක් ගැන පලකරන පුවත් වල විශ්වසනීයත්වය දුර්වල කිරීමට බවද දැනගන්නට ඇති බව  දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න