Language Switcher

V2025

ඥාණසාර හිමියන්ගේ භික්ෂූත්වය අහිමි කරන කූට උත්සාහයක් !

ආචාර්ය මැදගොඩ අභය තිස්ස හිමි ඇතුළු භික්ෂූන් පිරිසක් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර  හිමියන්ගේ භික්ෂුත්වය ඉවත් කිරීම සඳහා කූට  උත්සාහයක සිටින බව වාර්තා වෙයි.

පසුගිය කාලයක පටන්  ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ප්‍රධාන ධාරාවේ කතිකාවතෙන් ඉවත් කිරීම සඳහා මෙම භික්ෂු පිරිස උන්වහන්සේ ඉලක්ක කර විවිධ අවලාද ප්‍රචාරය කළ බවත් ඒ හමුවේ මේ වන විට එම හිමිනම සිරගතව සිටින නිසා එම ක්‍රියා වර්ධනය කර ඇති බවද වාර්තා වෙයි.

මේ පිළිබඳ දන්වමින්  ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ  උපසම්පදා භික්‍ෂුවක් දින හතක කාලයක් චීවරය නොදරා සිටියහොත් භික්‍ෂුත්වය අහෝසි වන බව විනය පිටකයේ සදහන් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රචාරයක් දියත් කර  වැඩ අල්ලා ඇත්තේ ඒ සඳහාය.

එසේම සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ භික්‍ෂුත්ව රැකදීම සදහා මහ නාහිමිවරුන් පෙරට ආයුතු යයිද කියන  අභය තිස්ස හිමියන් ප්‍රමුඛ පිරිසම අනෙක් පසට උන්වහන්සේට ජනාධිපති සමාවක් ලබාදෙන ලෙසට ඉල්ලා සිටින බවත් ඒ හරහා ඔවුන් සුදානම් වන්නේ   ඥාණසාර හිමියන්  ආණ්ඩුවේ හවුල්කරුවකු බවට පෙන්වාදීමට බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම සිවුරක් දරන අතරේ තවත් සහෝදර භික්ෂුවක් බන්ධනාගාරයේ හැඳ සිටින්නේ සිවුරද ජම්පරයද යන්න සේවෙමට තරම් පහත් තැනකට මේ පාර්ශව ඇදවැටී බවද ඔවුන් පෙන්වා දෙයි.

එසේම රාජපක්ෂ පාලන සමයේ සිදුකල සියලු පව්  ඥාණසාර හිමියන්ට පටවා නිදහස් වීමේ නින්දිත උත්සාහයක්ද පවතින බවට තමන්ට විශ්වාසවන්ත තොරතුරු ලැබී ඇති බවද ඔවුන් සඳහන් කරයි.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ  ඥාණසාර හිමියන් සිරගත කිරීම ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් බවට හිටපු ජනාධිපතිවරයා සිදුකර ඇති ප්‍රකාශයද හේතුවෙන් ලැබී ඇති තොරතුරේ විශ්වසනීයත්වය වැඩි බවය. 

එදා  ඥාණසාර හිමියන්ගේ නම විකුණාගෙන සිංහල බෞද්ධ ජන්ද ගත්  මේ අශුද්ධ නඩය අද සුපුරුදු ලෙස උන්වහන්සේ දුෂ්කර අවධියකට මුහුණදුන් විට උන්වහන්සේ විනාශ කිරීමට වෙර දරන බවත්  එසේම ඉදිරියේදී අවශ්‍ය වුවහොත්   ජන්ද බලයට පමණක් ජාතිය ආගම විකුණන සහ ඒ  වෙනුවෙන් ඕනෑම  පහත් වැඩක් කරන මේ ගිහි - පැවදි  පිරිස් වල  ඇත්ත ජීවිතය  ඉදිරියේදී ජනතාවට අනාවරණය කරන බවද ඔවුන් සඳහන් කර සිටියි.