ප්‍රංශ  නාවික  නෞකා 2 ක් කොළඹ වරායට සේන්දු වෙයි

ප්‍රංශ  නාවික  නෞකා 2 ක් කොළඹ වරායට සේන්දු වෙයි

ප්‍රංශ රාජකීය නාවික හමුදාවට අයත් සර්කෝෆ් (Surcouf) සහ ඩික්ස්මුඩ් (Dixmude) යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (ජුනි 18) උදෑසන  කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී.

තවද, ඩික්ස්මුඩ් නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස කපිතාන්, ජීන් පෝචර් මහතා කටයුතු කරනු ලබන අතර, කොමාණ්ඩර් ක්‍රිස්ටීන් රිබේ මහත්මිය සර්කෝෆ් නෞකාවේ අණදෙන නිලධාරිනීය ලෙස කටයුතු කරනු ලබයි.  ඒ අනුව, කාන්තා නිලධාරීනීයක් අණදෙනු ලබන යුද නෞකාවක් කොළඹ වරායට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරිනීයක් යුද නෞකාවක සම්බන්ධතා නිලධාරිනීයක් ලෙස කටයුතු කරනු ලබන පලමු අවස්ථාව ද මෙය ලෙස සනිටුහන් වීය. එමෙන්ම නෞකාවන්හි අණදෙන නිලධාරින් බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවී සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම අවස්ථා‍ව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

තවද, ප්‍රංශයේ නාවික හමුදා නිලධාරින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් එක්ව මුහුදේ සිදුවන මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් හා මුහුදේ සිදුවන යුධමය නොවන මෙහෙයුම් සම්බන්ධ තත්ත්වය පිළිබඳ වෘත්තීමය මට්ටමේ අදහස් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් පැවැත්විමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් දසදෙනෙකු (10) සහභාගී වීමට නියමිතය.

{gallery}Dixmude{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න