විෂය කප්පාදු කතා බොරු - අකිල

විෂය කප්පාදු කතා බොරු - අකිල

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයෙන්හී ඇතුලත්  ඉතිහාසය, ආගම  හෝ භාෂාව යන විෂයන් ඉවත් කිරිමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයෙන් ඉතිහාසය, ආගම  හෝ භාෂාව යන විෂයන් ඉවත් කිරිමට කටයුතු කරන බවට ඇතැම් කණ්ඩායම් සිදු කරන අසත්‍ය ප්‍රකාශ තරයේ හෙලා දකින බවය.

පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සමග දේශපාලනය පටලවා ගනිමින් ඇතැම් කණ්ඩායම් සිදුකරන මෙවැනි පදනම් විරහිත ප්‍රකාශයන් මගින්  රටේ ජනතාව පමණක් නොව මහා සංඝරත්නය ද නොමග යවා ඇති බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

රටේ අධ්‍යාපනය දේශපාලනයට සම්බන්ධ කර ගනිමින් සිදුකරන මෙවැනි ක්‍රියාවන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමා පිළිකුලෙන් යුතුව හෙලා දකින බවද  සිය නිවේදනයෙන් අමාත්‍යවරයා  වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න