ප්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් සමුගනියි

ප්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් සමුගනියි

ප්‍රකට   ගායකයෙක් මෙන්ම සංගීතඥයෙක් වන අයිවෝ ඩෙනිස් අභාවප්‍රාප්ත වී ඇත.  

අභාවප්‍රාප්ත වන විට 86 වියේ පසුව ඇති ඒ මහතාගේ අවසාන කටයුතු බදාදා සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙයි.

ඒ මහතා ප්‍රවීණ ගායක හා සංගීතඥයෙක් වන සුනිල් ශාන්තයන්ගේ මග යමීන් සහෘද සිත් සතන් පිනවු ගායකයෙක් විය. තිලක සුධර්මන් ද සිල්වා ලියූ සුනිල් ශාන්තයන් සංගීතවත් කළ 'කුරුලු පරාදීසයේ' ගීය ගයමින් අයිවෝ ඩෙනිස්‌ සිය සංගීත චාරිකාව ආරම්භ කල ගීතය වෙයි.

වෘත්තියෙන් ගුරුවරයකු වූ අයිවෝ රත්නපුරය, මීගමුව ආදී ප්‍රදේශවල පාසල්හි ඉගැන්වීම් කටයුතුවල ද නිරත විය. පසුව රජයේ සංගීත විද්‍යාලයේ ජන සංගීත උපදේශකවරයා මෙන්ම එකල පැවැත්වූ 'හෙළ මිහිර' ගායන වෘන්දයේ මූලිකයා බවට ද පත් විය.

4293436498 ae3dfee0c5 o

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න