ලංකාදීප පුවත අසත්‍යක් : අද පත්තරේ කියයි !

ලංකාදීප පුවත අසත්‍යක් : අද පත්තරේ කියයි !

අර්ජුන් ඇලෝසියස්ට අයත් සහ ඔහු  සම්බන්ධ  සමාගම් වලින් අවස්ථා 45000 කදී විවිධ පාර්ශව මුදල් ලබාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ   විමර්ශන වලදී අනාවරණය කරගෙන ඇතැයි  පළවූ පුවත නිවැරදි නොවන බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර ඇති බව වාර්තා වෙයි.

මෙම පුවත පසුගියදා  විජය පුවත්පත් සමාගමේ  ලංකාදීම වෙබ් අඩවියේ පළකර තිබු අතර එම සමාගමේම "අද" පුවත්පත අද (18) එම පුවත නිවැරදි නොවන බව වාර්තා කර ඇත. 

ඒ අනුව මේ වන තුරු සිදුකර ඇති විමර්ශන හරහා අවස්ථා 45,0000 විවිධ පාර්ශව මුදල් ගෙන ඇති බවට අනාවරණය වී නොමැති බවත් කෙසේ වුවත් විමර්ශන අඛණ්ඩව සිදුකරන බවද එම නිවේදනයේ සඳහන් බව අද පුවත්පත සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න