පිළිකා ඖෂධ ටෙන්ඩරයේ චෝදනා අසත්‍යයි !

පිළිකා ඖෂධ ටෙන්ඩරයේ චෝදනා අසත්‍යයි !

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ට්‍රැබ්සු සුනැබ් නැමැති ඖෂධය සැපයීම සඳහා වන ටෙන්ඩරය  විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුද ඇතුලත් ඇගයීම් කමිටුවක් විසින් ඉතා නිවැරදිව නෛතික ලෙස තීරණය කර අදාල ඖෂධ නිරීක්ෂණය කර සුදුසුම ටෙන්ඩරකරුට ලබා දී  ඇති බවත් එම  ටෙන්ඩරය යට ගසා ඇති බවට මාධ්‍ය මගින් පල කරන වාර්තා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රතික්ෂේප කර සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

 පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ට්‍රැබ්සු සුනැබ් නැමැති ඖෂධය සඳහා මෙවර ටෙන්ඩරකරුවන් 05 දෙනෙකු ඉදිරිපත් වී සිටි බවත් එයින්  එක් ටෙන්ඩරකරුවකු ඉරානයෙන් ගෙන්වා දෙන බවට සඳහන් කර ඇති අදාළ  ඖෂධය පිළිබඳව ද ගැටළු පවතින බවද එහි දැක්වේ.

එසේම අදාළ  ටෙන්ඩරකරු සතුව දැනට එන්නත් කුප්පි 150ක් ඇති බව දැනුම් දී ඇතත් එය ලංකාවට ගෙන එනු ලැබූ පිළිවෙළ පිළිබඳව සහ ගෙන ඒමේදි අනුගමනය කළ යුතු ශීතකරණ තත්වයන් අනුගමනය කලේ ද යන්න ගැටළු සහගත බවද එම නිවේදනයේ සඳහන් අතර  ඉරානයට ණයවර ලිපි විවෘත නොකරන නිසාත් සම්බාධක පවතින නිසාත් ඒ ගැන විශේෂ අවදානයක් දැක්වූ බවද සඳහන්ව  ඇත.

එසේම මෙවැනි සුදුසුකම් නොලත්  ටෙන්ඩරකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර සඳහා ඉදිරිපත් වීම දැඩි ලෙස අධීක්ෂණය කිරීමටද  නියමිත බවත් විවිධ විෂමාචාර චෝදනා ලබා සිටින ඖෂධ සමාගම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් සඳහා ටෙන්ඩර ඉදිරිපත් කිරිම විධිමත් පරීක්‍ෂණයකින් පසු නතර කිරීමට සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බවත් එහි වැඩිදුරටත් දැක්වේ.  වාර්තා වන ආකාරයට මිල අධික පිළිකා වැනි ඖෂධ සඳහා  විවිධ විෂමාචාර චෝදනා ලැබූ ඖෂධ සමාගම් ටෙන්ඩර ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබීම නිසා මෙම තීරණය ගෙන ඇත. 

මෙවැනි විෂමාචාර චෝදනා ලැබූ සමාගමක ඖෂධ ටෙන්ඩර ඉදිරිපත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර තහනම් කර ඇති නමුත්  එවැනි ඖෂධ සමාගම් ද මේ වන විටත්  ටෙන්ඩර ඉදිරිපත් කිරිමට සැලසුම් කර ඇති බවට අනාවරණය වී ඇති බවද අමාත්‍යංශය සඳහන් කර සිටියි.
මේ ඇතැම් ඖෂධ සමාගම්වල ඖෂධ හේතුවෙන් මනුෂ්‍ය ජීවිතද රෝහල්වලදී ජීවිතක්ෂයට පත්ව ඇති බවද එහි වැඩිදුරටත් දක්වා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න