Language Switcher

V2025

බැසිල් හා ගෝඨා දේශපාලනය උඩුයටිකුරු කිරීමට සැරසේ !

ආණ්ඩුවේ පැවැත්ම හෝ නොපැවැත්ම පිළිබඳව මේ වනවිට මුලෝපායික තින්දු තීරණ ගන්නේ මහින්ද-බැසිල් රාජපක්ෂ සහෝදරයින් විසින් පවත්වන සතරකන් මන්ත්‍රණ  හමුවේදී බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.

ඔහු සඳහන් කල පරිදි, මැත භාගයේදි හමුවුනු මේ දෙපල තමන් ගේ අනාගත දේශපාලන වැඩපිළිවල පුර්න ලෙස උඩුයටිකුරැ කරන්නට තීරණය කොට ඇත.

 බැසිල් රාජපක්ෂ මහතා විසින් තමන්ට හිතැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ගෙන් වර්තමාන ජනාධිපතිවරයාගේ පස් අවුරුදු පාලනය අවසන් වන්නේ කවදාද යන්න විමසා ඒ පිළිබඳව ලබාදුන් විශ්ලේෂණයක් හේතුකොට ගෙන එවැනි තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව එකී වාර්තාව කියා තිබුනේ අවුරුදු 05 ක්ද 06 ක්ද යන ප්‍රශ්නය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මගින් අවුරුදු 05 කාලය අවසාන වන්නේ කවදාද යන්න පිළිබඳව මතයක් දක්වා නැති බවය. 

මීළග ජනාධිපතිවරණය 2020 අගෝස්තුවේ !

එසේම 19 සංශෝධනයේ 1(3) වගන්තිය මගින් ජනාධිපති ධුරකාලය වසර 05 ක් බව දැක්වෙන වගන්තිය නිතියක් බවට පත්වන්නේ 2015 අගෝස්තුවේ පැවති මහමැතිවරණයෙන් පසුව බව නිසා මිළග ජනාධිපතිවරණය නිසැක ලෙස පැවැත්විය යුත්තේ 2020 අගෝස්තුවේදී බවය.

ඒ අනුව මහින්ද-බැසිල් යුගලය තීරණය කොට ඇත්තේ මිළග ජනාධිපතිවරණයකට දෙනු ලබන අවධාරණය අවම කිරිමටය. 

ඒ අනුව පොහොට්ටුවේ මිළග ජනාධිපති අපේක්ෂකයා මහාචාර්ය ජි ඇල් පිරිස් මහතා වන බවට ප්‍රචාරයක් සමාජය තුළ සිදුකිරිමටය. එමගින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කිරිම පිළිබඳව දැනට සමාජය තුල ඇතිවි තිබෙන උත්කර්ෂය අවම කිරිමටය.
මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මුලු වැරයොදා 2020 ජනවාරියේ දි වර්තමාන ජනාධිපතිවරයා ලවා මහමැතිවරණය පවත්වා ගතයුතු බවත් ඡන්දයේ දි 2/3 බලය ගෙන ව්‍යවස්ථාව වෙනස් කොට මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් ජනාධිපති ධුරයට අවස්වථා සලසා දිය යුතු බවය.