අද සේවයට නොඑන තැපැල් සේවකයින්ගේ රැකියා අවධානමේ !

අද සේවයට නොඑන තැපැල් සේවකයින්ගේ රැකියා අවධානමේ !

තැපැල් දෙපාර්තමේන්තුවේ සියළු සේවක නිවාඩු අවලංගු කර ඇති බවත් එබැවින් සියළුම සේවකයන් අද (19) පටන් සිය සේවා ස්ථාන වෙත වාර්තා කල යුතුව ඇති බව තැපැල්පති රෝහණ අභයරත්න සඳහන් කර ඇත.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති මේ බව දැනුම්දී ඇති අතර එසේ සේවයට වාර්තා නොකරන සියළු සේවකයින් සේවා අත්හැර ගියාසේ සළකන බවද එහි දැක්වේ.

එසේම සියළු තැපැල් කාර්යාල විවෘත කර රාජකාරි කිරීමට පහසුකම් සහ ආරක්ෂාව සැපයීමේ වගකීම මාණ්ඩලික නිලධාරීන් සතු බවත් ඒ සඳහා පොලිසියේ සහය ලබා ගැනීමට හැකි බවත් ඒ පිළිබඳ පොලිස්පතිවරයාවද දැනුවත් කර ඇති බවත් නිවේදනයේ සඳහන් කර ඇත.

තවද සේවයට වාර්තා නොකරන තාවකාලික, අනියම්, ආදේශක, වැඩබලන සහ පත්වීම් ස්ථිර නොකරන ලද කාර්ය මණ්ඩලයේ රැකියා සුරක්ෂිතතාව පිළිබඳ තවදුරටත් පරිපාලනය වගනොකියන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න