මානව හිමිකම් කඩකිරීම් චූදිතයන් හමුදාවේ තවත් ඉහළට

මානව හිමිකම් කඩකිරීම් චූදිතයන් හමුදාවේ තවත් ඉහළට

බරපතල මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් විභාග කිරීම මග හරිමින් සිටින රජය ඔවුන්ට සේවා උසස් වීම් ලබා දීමට තීරණය කර තිබේ.

මෙසේ උසස්වීම් ප්‍රදානය කර ඇති නිලධාරීන් අතරට පාබල  හමුදාවේ අධ්‍යක්‍ෂක  ධුරයට පත්කරනු ලැබ ඇති  බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන සහ එහි අධ්‍යක්‍ෂක  ජෙනරාල්  ලෙස  පත්කර ඇති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන අයත් වේ.

deshapriya gunawardena crop

දේශප්‍රිය ගුණවර්ධන
යුද අපරාධ චෝදනා එල්ල වී ඇති 58වැනි සේනාංකයට අනුයුක්තව අවසන් මෙහෙයුම් සමයේදී ක්‍රියාකළ බ්‍රිගේඩියර් ගුණවර්ධන 581වැනි බලසේනාවේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ අයෙක් වේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ දී ගම්පහ, රතුපස්වල ගම්වාසීන්  පානීය  ජලය ඉල්ලා පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ද බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනට ය. 2013 අගෝස්තු පළමු වැනිදා සිදු වූ  මෙම වෙඩි තැබීමෙන් 14 හැවිරිදි පාසැල්  සිසුවෙකු ඇතුළු තවත් තරුණයන් දෙදෙනෙකු මිය ගිය අතර තවත් 33 දෙනෙකු බරපතල තුවාල ලැබීය.

ඝාතන සම්බන්ධයෙන් අණදුන් නිලධාරියාට එරෙහිව මතුවූ ප්‍රබල විරෝධය හමුවේ පරීක්ෂණ යටපත් කිරීම සඳහා රාජපක්ෂ ආණ්ඩුව විසින් බ්‍රිගේඩියර් ගුණවර්ධන තුර්කියේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයට අනුයුක්ත කරනු ලැබිණි. 2017දී සිය ධූර  කාලය අවසන් කිරීමෙන් පසු යළිත් ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිගේඩියර්වරයා, පසුව රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්  අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන පසුව නිදහස් කරනු ලැබුණි.
duminda keppetiwalana crop
දුමින්ද කැප්පෙටිවලාන 
ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ  නාවට්කුලි  හමුදා කඳවුරේ ප්‍රධානියා වශයෙන් ක්‍රියාකළ  දුමින්ද කැප්පෙටිවලාන දෙමළ තරුණ තරුණියන් 24 දෙනෙකු බලහත්කාරයෙන් අතුරුදහන්  කිරීම පිළිබඳ චෝදනා එල්ල වූ අයෙකි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ වකවානුවේ දී ඔහුගේ අධි සහායක වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල් කැප්පෙටිවලාන 'සන්ඩේ ලීඩර්' කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ චෝදනාව යටතේ 2010 ජනවාරි මාසයේ දී අපරාධ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලදී. තෙමසක් බන්ධනාගාරගතව සිට නිදහස්වීමෙන් පසු විදේශගත වූ කැප්පෙටිවලාන 2015 ආණ්ඩු පෙරළියෙන් පසු  උසස්වීම් සහිතව යළිත් හමුදා සේවයේ පිහිටුවනු ලැබුනි.

පුද්ගල අතුරුදහන්  කිරීම  පිළිබඳ මේ වනවිට අධිකරණයට යොමු කොට ඇති හබයාස් කෝපුස්  නඩු 12කම  ප්‍රධාන චුදිතයා ලෙස නම්  කර ඇත්තේ  මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ය.

(jdslanka.org)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න