විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමෙන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ විපක්ෂයේ මන්ත්‍රීවරු හමුවූහ.
එහි දී මේ වන විට මැදපෙරදිග කලාපයේ උද්ගත වි ඇති යුදමය ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. මෙහි දී ඉරානය සහ මැදපෙරදිග කලාපය කේන්ද්‍ර කර ගත් අප රටේ සුවිශේෂ ආනයනය සහ අපනයනය රැසක් සිදු වන බැවින් මෙහි දී ඒ සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. එසේම මැදපෙරදිග කලාපයේ සේවය කරන අප රටේ දශ ලක්ෂයකට ආසන්න ශ්‍රමිකයින් ගේ ජීවිත සුරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහි දී සුවිශේෂ අවධානයක් යොමු විය. ඔවුන් ගේ ජීවිත සුරක්ෂා කිරීමටත් ඔවුන්ගේ රැකියා සම්බන්ධයෙන් වැඩිදුරටත් අවධානය යොමු කිරීමටත් මේ සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානයක් යොමු කිරීමටත් මෙහි දී අදහස් පළ විය.








newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
