ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායක අති උතුම් අයතුල්ලා අලි කමේනි ගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ ජනතාව සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිති.
මෙම අභාවය නිමිත්තෙන් කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ තබා ඇති ශෝක පොතේ අත්සන් තැබීම සඳහා විදේශ අමාත්‍ය විජිත හේරත් ඊයේ (04) සහභාගී විය. එහි දී අමාත්‍යවරයා සඳහන් කළේ අභාවප්‍රාප්ත නායකතුමා ගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ද්විපාර්ශ්වික සබඳතා ඉතාමත් ශක්තිමත් වූ බවයි.
අයතුල්ලා අලි කමේනි දශක තුනකට වැඩි කාලයක් ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කළ අතර, ඔහු ගේ අභාවය නිමිත්තෙන් ඉරානය පුරා දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.



