මැතිසභය උණුසුම් කළ : බිමල් - ග්‍රේරු ගැටුම මෙන්න

මැතිසභය උණුසුම් කළ : බිමල් - ග්‍රේරු ගැටුම මෙන්න

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී  බිමල් රත්නායක අදහස් දක්වමින් රාජ්‍ය ඇමති  මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ යම් යම් කටයුතු විවේචන කළ අවස්ථාවේදී දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වෙයි.

ඊයේ (20) පාර්ලිමේන්තුවේදී මෙම සිදුවීම සිදුව ඇත.

බිමල් රත්නායක :

ග්‍රේරු ඇමතිතුමා අධ්‍යාපන වෙළෙන්දෙක්.

ඔබතුමා සයිටම් එක වෙනුවෙන් පෙනී සිටින එක වැරදියි. 

(ග්‍රේරු ඇමතිවරයා යමක් කියයි) 

බිමල් රත්නායක : 

ඔබතුමා වාඩි වෙන්න. මගේ කාලය ගන්න එපා. අනේ ඔබතුමා ඔය කරන වැඩේ කැතයි, කැතයි ලැජ්ජයි, ලැජ්ජයි  නින්දිතයි .ඔබතුමා ඔයිට වඩා හොද වෙන රස්සාවක් හොයා ගන්න.

 ග්‍රේරු ඇමතිතුමා කලක් ඔයත් ෆිසික්ස් (භෞතික විද්‍යාව) ගුරුවරයා තමයි නමුත් ඔබ මෙතන ඇත්ත කියන්න ඕනා. 

ඇමති ග්‍රේරු : 

මෙතැන මඩ ගහන්න ලැහැස්ති වෙනවා එපා. බොරු මඩ ගහන්නේ නැතුව වාඩි වෙනවා. 

බිමල් රත්නායක :

 ඔයා ඔයාගේ ලයිසියම් එක ගොඩ දාගන්න ඔපිස් අවේ නැද්ද? කියන්න කියන්න. ඔබතුමා අධ්‍යාපන වෙළෙන්දෙක්. එහෙම කර කර සයිටම් එක පැත්ත වාඩි වෙනවා  ලැජ්ජයි, ලැජ්ජයි  කැතයි, කැතයි

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න