හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු පැවරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චපෝර්ට් හෝල්ඩින්ග් සමගම අතර අත්සන් තබන ලද ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට ලැබිය යුතුව තිබූ අවසන් වාරික මුදල වන ඇමෙරිකන් ඩොලර් මිලියන 584 මුදල ලැබුණු බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් වරාය අධිකාරිය මේ බව සඳහන් කර සිටියි. ඊට අනුව අදාළ චෙක්පත චයිනා මර්චන්ට් සමූහයේ ශ්‍රී ලංකා නියෝජිත රේ රෙන් මහතා ඊයේ (20) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා වෙත භාරදී ඇත.
එහි පළමු වාරික මුදල වන එක්සත් ජනපද ඩොලර් මිලියන 292 පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීද දෙවැනි වාරික මුදල වන එක්සත් ජනපද ඩොලර් මිලියන 97 මේ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබිණි.
ඉකුත් දෙසැම්බර් 9 වැනිදා ශ්‍රී ලංකාව නිල වශයෙන් හම්බන්තොට වරායේ වාණිජ කටයුතු සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් චීන සමාගම වෙත පැවරීය.
අදාළ සම්පූර්ණ ගිවිසුමේ වටිනාකම ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.12කි . ඒ අනුව ඉතිරි එක්සත් ජනපද ඩොලර් මිලියන 146 ක මුදල වරාය සහ සාගර සම්බන්ධ කටයුතු සඳහා ආයෝජනය කිරීමට නියමිතය.