මාධ්‍ය අරුණ ණය යෝජනා ක්‍රමයට අයඳුම්පත් කැඳවයි !

මාධ්‍ය අරුණ ණය යෝජනා ක්‍රමයට අයඳුම්පත් කැඳවයි !

ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් යෝජිත “මාධ්‍ය අරුණ” විශේෂ ණය යෝජනා ක්‍රමය 2018 සඳහා අයඳුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 3ක උපරිමයකට යටත්ව පොළී රහිත ණය මුදලක් හෝ තමන් සතුව පවතින මාධ්‍ය උපකරණ වැඩිදියුණු කරගැනීම සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක උපරිමයකට යටත්ව පොළී අනුපාතයෙන් සියයට 50 පොළී සහනයක් යටතේ ණය ලබාදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී. වසර තුනක සේවා කාලයක් සපුරා ඇති වයස අවුරුදු 60ට අඩු මෙරට පිළිගත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හා අර්ධකාලීන පදනම මත සේවයේ යෙදී සිටින මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන්ට මෙම විශේෂ ණය යෝජනා ක්‍රමයට අයඳුම් කළ හැකිය.  

මාධ්‍ය අරුණ ණය යෝජනා ක්‍රමය සඳහා සම්පූර්ණ කරන ලද අයදුම්පත් ජූලි 31 දින හෝ එදිනට පෙර අධ්‍යක්ෂ (මාධ්‍ය), මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 ලිපිනයට ලියාපංදිචි තැපෑලෙන් යැවිය යුතු වේ.  මේ පිළිබඳව වැඩි විස්තර හා අයදුම්පත් 011 2 513 645 , 011 2 513 459 හෝ 011 2 513 460 යන දුරකතන අංකවලින්   හෝ   www.media.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න