බෝ නොවන රෝග පාලනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් !

බෝ නොවන රෝග පාලනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් !

“සමබල අහරක් - නිරෝගී සිරුරක්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සංවිධානය කළ සෞඛ්‍ය ධාවන තරගය සහ පාගමන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අද (24) පෙරවරුවේ පැවැත්විනි.

මෙහිදී පැමිණ සිටි සියලු දෙනා ශාරීරික ව්‍යායාම් සිදු කිරීමෙන් පසු පාගමන ආරම්භ විය. 

එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ  ලෝකයේ සියයට 70 ක් මිය යන්නේ බෝනොවන රෝග වලින් බවත්  අපේ රටේ රෝහල් වලටත් ඇතුලු වන අයගෙන් සියයට 70 ක් ද  මිය යන්නේ බෝනොවන රෝගවලින් බවය.

එබැවින්  රෝග කළින් හදුනා ගැනීම සදහා සුවදිවි මධ්‍යස්ථාන සහ සුවදිවි නාරි මධ්‍යස්ථාන 1500 කට වැඩි සංඛ්‍යාවක්  දිවයින පුරා ස්ථාපිත කර තිබෙන බවත් එමගින් රෝග කළින් හදුනාගන්න හැකි බවත් සඳහන් කළ අමාත්‍යවරයා එය තවදුරටත් සාර්ථක කර ගැනීම සඳහා  පවුලේ වෛද්‍යවරයා සංකල්පය අපි ඉදිරිපත් කරන  බවද සඳහන් කර සිටියේය. 

අගෝස්තු මාසයේ ආරම්භ කිරීමට නියමිත මෙම වැඩසටහන යටතේ පුද්ගලයින් 5000 කට එක් වෛද්‍යවරයෙකු බැගින් පත් කර සෑම පුද්ගලයෙකුගේම සෞඛ්‍ය වාර්තා ලබා ගැනීමට අරමුණු කර ඇති බවත්  ඒ සඳහා  ඇමරිකන් ඩොලර් මිලියන 200 ක මුදලක් ලෝක බැංකුව විසින්  ලබා දී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

තවද ලෙඩ අඩු කර ගැනීම සදහා ශාරීරික ව්‍යායාම් කළ යුතු බවත්  ඇග අඩුකර ගත්තත්  උදරයත් අඩු කර ගත යුතු බවත්  බෝනොවන රෝග සදහා ව්‍යායාම් නොකිරිම බලපාන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

මෙහිදී සෞඛ්‍ය ධාවන තරගයේ ජයග්‍රාහකයින්ට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ත්‍යාග පිරිනැමීමද සිදුකර ලදී.

35923398 10155991931374130 4925469061988483072 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න