පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වලදී මෙන්ම ඉදිරි දේශපාලන කටයුතු වලට ශ්‍රීලනිප 16 කණ්ඩායම යොදා නොගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මැති ඇමති තනතුරු නොදරන ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් තම ප්‍රශ්න සහ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා මුණගැසුණු විශේෂ හමුවකදී ඔවුන් මෙම ඉල්ලීම සිදුකර ඇත.
මෙම හමුව සඳහා ආසන සංවිධායකවරුන් 100 ක් පමණ සහභාගී වූ බවද වාර්තා වන අතර මේ වන විටත් ශ්‍රීලනිප 16 කණ්ඩායමේ ඇතැමුන් තම ආසන තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔවුන් එහිදී දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.
එසේම 16 කණ්ඩායමේ සූදානම පක්ෂය හෝ සාමාජිකත්වය ගැන නොසිතා රාජාක්ෂවරුන් සමඟව තම පෞද්ගලික දේශපාලන අරමුණ ඉටුකර ගැනීම බවත් ඒ හේතුවෙන් පක්ෂය මේ වන විට සමාජය හමුවේ හෑල්ලුවට ලක්කරන කටයුතු බොහොමයක් 16 කණ්ඩායමේ පිරිස් සිදුකරන බවද එහිදී ඔවුන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.
එසේම පක්ෂය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් තමන්ට ආසන වල සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිකුත් කරන්නට මැදිහත් වන ලෙසත් රැකියා ලබාදීමේදී එයින් කෝටාවක් තමන්ටද වෙන් කරන ලෙසද මේ හමුවේදී ආසන සංවිධායකවරුන් ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.
මෙම අවස්ථාවට ශ්‍රීලනිප මහ ලේකම් රෝහණ ලක්ෂමන් පියසේන ද සහභාගීවූ බව වාර්තා වෙයි.

