ඒකාබද්ධයේ තවත් අය මෛත්‍රී ළඟට යාවි - ගම්මන්පිල

ඒකාබද්ධයේ තවත් අය මෛත්‍රී ළඟට යාවි - ගම්මන්පිල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂක ධුර නොලැබුණු බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරි මැතිවරණට ඉදිරිපත් වනු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී අද (11දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ට ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂක ධුර ලබාදීමට යෑමේදී හිත්රිදවීම් සිදුව ඇතැයි ද ඔහු එහිදී පැවසිය.

ඒ අනුව ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත විජේසේකර මහතා සහ මහජන එක්සත් පෙරමුණේ ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ඒකාබද්ධ විපක්ෂයෙන් මේ වනවිට ඉවත්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙන බවද ඔහු කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ජනාධිපතිවරයාට සහය දැක්වීමේ තත්ත්වයට හිතාමතා ඇයව පත් කළා යයි ඔහු පැවසිය.

 ශ්‍රියානි ගියා නෙවේ යැව්වා :

 ශ්‍රියානි විජේවික්‍රම මහත්මියට කිසිදු ප්‍රතිපත්තිමය ගැටළුවක් හෝ කලකිරීමක් නොතිබුණු අතර, එම තත්ත්වය ඇති වුයේ නාම යෝජනා කමිටුව කැඳවීමෙන් පසුව බව ද shriyani 1000pxගම්මන්පිල මහතා පැවසිය.

අම්පාර දිස්ත්‍රික්කයේ නායකයින් හය වතාවක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ජාතික නාමයෝජනා කමිටුවට කැඳවීමක් කළ අතර, සමහර නායකයින් ඒ සඳහා එක් නොවු බවද ඒ නිසා ශ්‍රියානි විජේවික්‍රම මහත්මියට රස්තියාදු විමට සිදුවු බව ද පැවසු ගම්මන්පිල මහතා, අවසානයේ ඇති වු තත්ත්වය හමුවේ දේශපාලන මිනීමැරුමක් සිදුවු බව ද කියා සිටියේය.

 මීට වඩා දූරදර්ශීව කටයුතු කිරීමට...

 පවතින තත්ත්වය හමුවේ ආණ්ඩුවේ ගත වු තෙවසර පිළිබඳ ජනමත විමසුමක් බවට පුංචි ඡන්දය පත් කර ඇති මොහොතක මීට වඩා දූරදර්ශීව කටයුතු කිරීමට සිදුවන බව ද ගම්මන්පිල මහතා පැවසීය.

වෙනත් පක්ෂයක අපේක්ෂක ධුර සම්බන්ධව බන්දුල ගුණවර්ධන මහතා සමග වචන හුවමාරුවක පැටලීමට තමාට සිදු වූ බව පැවසු ගම්මන්පිල මහතා, එම සිද්ධියෙන් පසුව බන්දුල ගුණවර්ධන මහතාගෙන් මා සමාව ගත් බවත්, තමාගේ ගුරුවරයාගෙන් සමාව ගැනීම තමාට ගැටලුවක් නොවන බවත් වැඩිදුරටත් කියා සිටියේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න