මානව සම්පත් සංවර්ධනයට  : ජපානයෙන්  රු. මි. 374 ක ආධාර

මානව සම්පත් සංවර්ධනයට  : ජපානයෙන්  රු. මි. 374 ක ආධාර

රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීම සඳහා 2018 වසරේදී ජපාන රජය විසින්  ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 265ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 374ක) ආධාරයක්  ලබාදීමට එකඟ වී ඇත.

මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම උදෙසා දෙරට අතර  හුවමාරු පත්‍ර 02 ක් අත්සන් කිරීම හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සමඟ ප්‍රදාන ගිවිසුමකට එළඹීම ඊයේ (26) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදුවිණ.

එහිදී   ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර් එච් එස් සමරතුංගද ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු කෙනිචි සුගනුමා  හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන නියෝජිත ටනකා ෆුසාතෝ  විසින් අදාළ ලියකියවිලි වලට අත්සන් තබන ලදී. 

මේ පිළිබඳ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි මෙසේද සඳහන් වෙයි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන්  ජපානයේ පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා වසරකට ශිෂ්‍යත්ව 15ක් බැගින් ඉදිරි වසර හතර වෙනුවෙන්  මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ.
 
 රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීම සඳහා 2010 වසරේදී ජපාන රජය විසින්  මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. මෙම වැඩසටහනෙහි  පළමු කාර්යරාමුව (2010-2013) සහ දෙවන කාර්යරාමුව (2014-2017)  පිළිවෙළින් 2013 හා 2017 වසරේදී අවසන් කරන ලදි. ඒ අනුව මෙම වැඩසටහන යටතේ නිලධාරීන් 135 දෙනෙකු හට (වසරකට 15 දෙනෙකු බැගින්) අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දී ඇත.

මෙම වැඩසටහනේ තුන්වන කාර්යරාමුව (2018-2021) 2018 වසරේදී ආරම්භ කරන ලදී. තවද මෙම වැඩසටහන යටතේ අධ්‍යයන කටයුතු අවසන් කරන ලද ශිෂ්‍යත්වලාභින්ගේ වෘත්තීයමය සංවර්ධනය තවදුරටත් සිදුකිරීමේ අවශ්‍යතාවය සලකා බැලීමෙන් අනතුරුව එක් වර්ෂයක් සඳහා ආචාර්ය උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා  උපරිම වශයෙන් අවස්ථා දෙකක් පිරිනැමීමට ද ජපාන රජය එකඟත්ටය පළකර  ඇත.

තුන්වන කාර්යරාමුවේ පළමු කණ්ඩායමෙහි තෝරා ගැනීමේ ක්‍රියාවලිය මේ වන විටත් අවසන් වී ඇති අතර තෝරා ගත් නිලධාරීන් 2018 සැප්තැම්බර් මස දී ඔවුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

DSC 0869

DSC 0879

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න