2018 වසර සඳහා වන ලෝක සාම දර්ශකය මේ වන විටත් ප්‍රකාශයට පත් කොට ඇති අතර එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 5ක් ඉදිරියට පැමිණ ඇත.
එනම් ශ්‍රී ලංකාව දර්ශකයේ 67 වන ස්ථානය ලබා සිටියි. එහිදී ශ්‍රී ලංකාව ලබා ඇති සමස්ත ලකුණු ප්‍රමාණය 1954කි.
ඒ අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපීය රටවල් අතරින් දෙවන ස්ථානයෙහි රැඳීමට සමත්ව ඇති අතර එහි දී දකුණු ආසියාවේ සාමකාමීම රට වශයෙන් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ සමස්ත ලකුණු 1545ක් ලබා ගෙන දර්ශකයේ 19 වන ස්ථානයේ පසුවන භූතානය පමණි.
ලෝක සාම දර්ශකය ලොව පුරා රටවල් 163ක් සම්බන්ධයෙන් කරනු ලබන අධ්‍යනයකින් පසුව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන අතර 2018 වසරේ නිකුත් කරන ලද්දේ එහි 12 වන වාර්ෂික වාර්තාවය.
2014 ලෝක සාම දර්ශකය අනුව 105වන ස්ථානයේ පසු වූ ලංකාව වත්මන් ආණ්ඩුව යටතේ සමාජ සංහිඳියා වැඩපිළිවෙලේ සාර්ථකත්වය මත මේ වනවිට 67වන ස්ථානය දක්වා ඉහළ තත්ත්වයක් දක්වා වර්ධනයක් ලබා ඇති බව විචාරක මතය වී ඇත.

