පාතාලය මඩින්න : ත්‍රිවිධ හමුදා සහ පොලිසිය ඇතුළත් විශේෂ සැළැස්මක් ! 

පාතාලය මඩින්න : ත්‍රිවිධ හමුදා සහ පොලිසිය ඇතුළත් විශේෂ සැළැස්මක් ! 

පාතාලය මර්දනය කිරීම සඳහා  ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධ විශේෂ සැළැස්මක් ක්‍රියාවට නගන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සඳහන් කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගයකට අනුව මෙම සැළැස්ම සඳහා යොමුවී ඇත.

පාතාලය මෙරටින් තුරන් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට රජය කිසිවිටෙකත් පසුබට නොවන බවත්  ඒ සඳහා පොලිසියේ මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ද සහාය ලබා ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

පොලිස්‌ නිලධාරීන් නවීන ආයුධවලින් සන්නද්ධ කිරීමේ අවශ්‍යතාව මාතර සිදුවීමෙන් යළිත් මතුව ඇතැයි ද එය පොලිස්‌ නිලධාරීන්ගේ ආරක්‍ෂාවටත් කාලෝචිත ක්‍රියාවක්‌ බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කොට ඇත.

පාතාල මර්දනයට නව නීති ගේනවා : නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර 

නව නීති අණ පනත් සම්මත කරමින් හෝ පාතාලය මර්දනය කිරීමට කටයුතු කරන බව නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර  සඳහන් කරයි.

මේ හරහා විදෙස් රටවල සිට පාතාලය මෙහෙයවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ ඊයේ (26) කැබිනට් මණ්ඩල හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

පාතාලය සම්බන්ධ රජය දැඩි ස්ථාවරයක : තුෂාර ඉඳුනිල් 

මේ අතර ඊයේ (26) එක්සත් ජාතික පක්ෂ සිරිකොත මුලස්ථානයේ  පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සඳහන් කර ඇත්තේ  පාතාලය මර්ධනය කිරීම සදහා රජය දැඩි ස්ථාවරයක පසුවන බවත් පාතාලය මර්ධනය කිරීමේදී ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම සමාජයටම ව්‍යසනකාරී තත්ත්වයක් බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න