පැන්නොත් දෙන්න තාරුණ්‍යට හෙටක් සල්ලි හොයයි

පැන්නොත් දෙන්න තාරුණ්‍යට හෙටක් සල්ලි හොයයි

පළාත් පාලන මැතිවරණ සමය තුළ ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරීන් ඒකාබද්ධ විපක්ෂයට ගැනීම වෙනුවෙන් සල්ලි හොයන මෙහෙයුමක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් අරඹා ඇති බව වාර්තා වෙයි.

ව්‍යාපාරිකයන්ගේ ලැයිස්තුවක්

වාර්තා වන ආකාරයට තාරුණ්‍යට හෙටක් සංවිධානයේ නිලධාරීන් කිහිපදෙනෙකු යොදවා මෙම කටයුත්ත දියත්කර ඇති අතර ඒ වෙනුවෙන් පසුගිය ආණ්ඩු සමයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් උදව් උපකාර ලබාගත් ව්‍යාපාරිකයන් සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ ලැයිස්තුවක් ලබාදී ඇති බවද වාර්තා වෙයි.

නාමල්ගෙන් ඇමතුම්

එසේම මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුව අමතමින් තම මැතිවරණ කටයුතු වෙනුවෙන් මුල්‍යමය අනුග්‍රහය ලබාදෙන ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෞද්ගලිකවම ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.

ඒ අතර රාජපක්ෂ සමයේ මුල්‍ය අක්‍රමිකතා සිදුකිරීම වෙනුවෙන් පහසුකම් සපයා මේ වන විට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සැකපිට ප්‍රශ්න කල සහ චෝදනා ඉදිරිපත් කල කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුද වන බව දැනගන්නට ඇත.

බුද්ධි අංශ අවධානයෙන්

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයිති බවට මාධ්‍ය ඔස්සේ අන්දොලනයට ලක්වූ කොළඹ 05, ගවර් වීදියේ අංක 07 දරන ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ල ප්‍රසිද්ධ ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයකු වන නන්දන ජයදේව ලොකුවිතාන මහතා විසින් මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධව මේ වන විට බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

මැතිවරණ උණුසුමේ කළු සල්ලි සුදු කිරීමේ කටයුතු නිතර සිදුවන බැවින් ඒ පිළිබඳවද පරීක්ෂාවෙන් සිටීමට වෙනම බුද්ධි ඒකකයක් ස්ථාපිත කර ඇති බවද වාර්තා වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න