දිනේෂ් හා විමල් කනස්සල්ලෙන් : 'ඕන කෙනෙකුට යන්න පුළුවන්' - මහින්ද කියයි

දිනේෂ් හා විමල් කනස්සල්ලෙන් : 'ඕන කෙනෙකුට යන්න පුළුවන්' - මහින්ද කියයි

පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂක ලැයිස්තු සැකසීමේදී තම පක්ෂවලට කෙනෙහිලිකම් කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා සහ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට දොස් පවරා තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ හිතුවක්කාරී ක්‍රියා නිසා තම පක්ෂවල ප්‍රධානින් කිහිප දෙනෙකුම මේවනවිටත් ජනාධිපතිවරයාට සහය පලකිරීමට ඉදිරිපත්ව ඇති බව පෙන්වා දී ඇති එම පක්ෂ නායකයින් දෙදෙනා, බැසිල් රාජපක්ෂ මහතා පසුගිය ආණ්ඩු සමයේදී මෙන් බලය අතට ගෙන කටයුතු කරන බවට ද චෝදනා කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් මෙලෙස කටයුතු කරන්නේ නම් තමන්ටද දැඩි තීන්දුවක් ගැනීමට සිදුවන බව ඔවුන් දෙදෙනා මහින්ද රාජපක්ෂ මහතාට අවධාරණය කර ඇත.

 ඕන කෙනෙකුට යන්න පුළුවන්:

 එම පක්ෂ නායකයින් දෙදෙනාගේ විවේචන හමුවේ කිසිත් පවසා නොමැති මහින්ද රාජපක්ෂ මහතා, හූරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙනේ දී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ, ඇතැම් මන්ත්‍රීවරුන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්ව යන්නේ "ආසන බෙදාගැනීමට බැරිව" බවය.

"බලයේ ඉන්නකොටත් එහෙමයි, විපක්ෂේ ඉන්න කොටත් එහෙමයි. ඕන කෙනෙකුට යන්නත් පුළුවන්. ඕන කෙනෙකුට ඉන්නත් පුළුවන්," ඔහු අවධාරණය කළේය.

udaya.gammanpila 'ඒකාබද්ධයේ තවත් අය මෛත්‍රී ලඟට යාවි'

 මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂක ධුර නොලැබුණු බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරි මැතිවරණට ඉදිරිපත් වනු ඇති බවයි.

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (11දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

සබැඳි පුවත් :

ඒකාබද්ධයේ තවත් අය මෛත්‍රී ළඟට යාවි - ගම්මන්පිල

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න