දේශප්‍රේමය ගැන කතා කරන ගෝඨාභය රාජපක්ෂ සැබෑවටම රටට ආදරය කරන්නේනම් ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත්වන ලෙසට තමන් අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(28) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්ය.ජනාධිපතිවරණයට ඉල්ලූවත් නැතත් සැබෑ ශ‍්‍රි ලාංකිකයකු නම් ඔහු එම තීරණය ගත යුතු බවත් බොරු දේශපේ‍්‍රමයක් හදාගෙන දේශපාලනය කරන්නන් ගැන රටේ ජනතාව මෙයට වඩා දැනුම්වත් විය යුතු බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
‘‘අපේ රටේ ජනාධිපතිවරයා තවත් හිට්ලර් කෙනෙක් විය යුතුයි වැනි ආන්දෝලනාත්මක කාරණා පසුගිය දිනවල මාධ්‍ය මගින් පළවුණා. ඕස්ටි‍්‍රයාවේ ඉපදිලා ජර්මනියේ තමයි හිට්ලර් පාලනය කළේ. හිට්ලර් මරණයට පත්වූ බංකරය මත ගසක් සිටුවා තිබෙනවා. එහෙම නැතුව ඔහු සිහිකරන්න වෙනත් කිසිදු සලකුණක් හෝ උත්සවයක් නැහැ. ජර්මනියත් හිට්ලර්ගේ පාලනය ප‍්‍රතික්ෂේප කිරීම මෙයට හේතු වී තිබෙනවා. හිට්ලර්ගේ ක‍්‍රමවේදය තුරන් කරන්න එම ක‍්‍රමවේදයට එරෙහිව ජනතාව පෙලගස්සන්න ජර්මනිය අද ලෝකයටම මුදල් දෙනවා.
ඔස්ටි‍්‍රයාවේ පිහිටි හිට්ලර්ගේ මුල් නිවස අසල සිටින අසල්වාසින්වත් කැමති නැහැ හිට්ලර් තමන්ගේ අසල්වාසියකු යැයි පවසන්න. එම නිවස ඉදිරිපිට සමරු පලකයකින් පවා ඔහුගේ මෙම ක‍්‍රමයට එරෙහිව කරුණු දක්වා තිබෙනවා. ඒ විදියට ඕස්ටි‍්‍රයාව සහ ජර්මනිය මෙම පාලනය හෙලා දැකළා තමයි කටයුතු කරන්නේ.
එවැනි ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාමාර්ග වලට යොමුවන්න අපේ රට වගේ ප‍්‍රජාතන්තවාදි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින රටක් කල්පනා කරන්න හොඳ නැහැ. ඒ ගැන ප‍්‍රකාශවීම ගැන අපි කණගාටුවට පත් වෙනවා.

