උදයාංග නිසා මහින්දත් අමාරුවේ  : මුජිබර් හෙළිකරයි ! 

උදයාංග නිසා මහින්දත් අමාරුවේ  : මුජිබර් හෙළිකරයි ! 

බරපතල දූෂණ චෝදනා එල්ල වී ඇති  රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වා දෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයට මේ වනවිට විරෝධතා රැසක් එල්ල වෙමින් ඇත.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධව ප්‍රතිචාර දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කර සිටින්නේ මිග් යානා ගනුදෙනුව සම්බන්ධව  ලංකා අධිකරණයෙන් විවෘත වරෙන්තු ලබා සිටින, ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන නිකුත් කර ඇති උදයාංග  සමග පවත්නා හිතවත්කම පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාගෙන් ද ප්‍රශ්න කළ යුතු බවය.

ලසන්ත ඝාතනයට හේතුවත් මිග් ගනුදෙනුව !

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර අදාළ ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා ඝාතනය වුයේත් මෙම  දුෂිත  මිග් ගනුදෙනුව අනාවරණය කිරීමට කටයුතු කිරීම නිසා බවත් එතරම් බරපතල සිදුවීමක් සම්බන්ධ චෝදනා ලබා සිටින්නෙකු සමඟ ගනුදෙනු කිරීම, සම්බන්ධතා පැවැත්වීම සහ ආරක්ෂා කිරීමත් නීතියට අනුව වරදක් බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

එසේම මහින්ද රාජපක්ෂ තවමත් රාජ්‍ය මුල්‍ය ගසාකෑ දුෂිත පුද්ගලයන් සමඟ සම්බන්ධතා පවත්වන බවද ඔහුගේ මෙම ප්‍රකාශය තුළින් තහවුරු වන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මහින්ද ගෙන්වන්න දෙයක් නෑ : හොහොමත් උදයාංගට එන්නම වෙනවා !

තවද උදයාංග වීරතුංග ලංකාවට ගෙන ඒමට මහින්ද රාජපක්ෂට මැදිහත්වීමට දෙයක් නොමැති බවත් උදයාංග මෙරටට පිටුවහල් කරවා ගැනීමට අවශ්‍ය මුලික කටයුතු රැසක් මේ වන විටත් රජය සිදුකර ඇති බැවින් ඔහු නියත වශයෙන්ම ලංකාවට ගෙන්වා ගන්න හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

එමෙන්ම පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ නිරතවූ ජපන් සහ බැංකොක් වැනි සංචාර වලදී ගිය උත්සව අවස්ථා සඳහා උදයාංග සහභාගීවූ බවත් එවැනි අවස්ථා වලදී උදයාංග වීරතුංග සමඟ එකට සිටි මහින්ද දැන් උදයාංගව  නීතිය හමුවට ගෙන ඒමට සුදානම් වන විට මහින්ද  "මම ගෙනත් භාරදීනම්" කියන ප්‍රකාශය බරපතල බවත් හරි නම් මේ ප්‍රකාශය මත මහින්දවද  නීතිය හමුවට ගෙනා  යුතු බවද  මුජිබර් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මිග් යානා ගනුදෙනුව තුළ ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක් මුදල් ලබාදී ඇති බවත් ඒ මුදල් ලබාදුන් බව කියන ආයතනයක්, සමාගමක් හෝ නොමැති බවත්, රාජපක්ෂ පාලන සමයේ ඔවුන් සමඟ එකතුව මෙම ගනුදෙනුව සිදුකල  උදයාංග එතරම් බරපතල ජනතා මුදලක් අවභාවිත කර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න